2012 තුලදී  තවත් නව ඉ- සේවාවන් පනහක්

මෙම වසර තුලදී  තවත් නව ඉ- සේවාවන් පනහක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනයි.

මෙම නව ඉ- සේවාවන් ලබා දෙන ආයතන අතර ජනතාවට ඉතා සමීප  ආයතන වන  දුම්රිය දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව‍, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඞලය  ඇතුලු ආයතන රැසක් වන බව නියෝජිතායතනය වැඞිදුරටත් පවසයි.

වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම , දුම්රිය ධාවන කාලවේලාවන් දැන ගැනීම, අයදුම් කරන ලද තම ජාතික හැදුනුම්පත සුදානම්ද  දැන ගැනීම,අයදුම් කරන ලද පොලිස් වාර්ථාව සුදානම්ද දැන ගැනීම ඇතුලු ඉ- සේවාවන් ගණනාවක්  අන්තර්ජාලය සහ ජංගම දුරකථනය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම් දැනටමත් ජනතාවට ලබා දී තිබෙන බව නියෝජිතායතනය සදහන් කරයි.

www.srilanka.lk වේබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබද වැඩි තොරතුරු දැනගත හැකි බවද නියෝජිතායතනය පවසයි.

2,662 Viewers have read This article

One Comment to “2012 තුලදී තවත් නව ඉ- සේවාවන් පනහක්”

  1. ඇනොනිමස් මහත්මයා says:

    කාට උනත් වෙබ් pages හද හද දන්නා නම් අමාරුවක් නැ. එක අපිටත් පුළුවන් එත් ඒවා maintain කරන එක තමයි අමාරු උදාහරණයකට http://www.bmich.lk/ බලන්න යාවත්කාලින කරලම නැත්ද කොහෙද මේක . එක නිසා මේ සේවා වන අරාබ්ම කරන යම ඒවා පවත්වාගෙන යන්නත් කටයුතු කලොත් හොඳයි කියල හිතෙනවා

Leave a Comment