ප‍්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ වන විට ඇය 91 වන වියේ පසුවූවාය.
දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
ලතා වල්පොල මහත්මිය සිය ගායන දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 12 දී පමණ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙනි.
ඇය ගුවන්විදුලියට සම්බන්ධ වූයේ 1940 දශකයේ අගභාගයේදීය.
ඇයගේ ප්‍රථම ගුවන්විදුලි ගීතය වූයේ "කණ්ඩුලැලි ධාරා" යන්නයි.
සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට පසුබිම් ගායනයෙන් දායක වූ ගායිකාව ඇයයි.
ඇය ප්‍රථම වරට පසුබිම් ගායනයෙන් දායක වූයේ "එදා රෑ" (1953) චිත්‍රපටයටයි.
රුක්මණී දේවියගෙන් පසු මෙරට සිනමාවේ ප්‍රමුඛතම පසුබිම් ගායිකාව ලෙස ඇය දශක ගණනාවක් වැජඹුණාය.
චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවකට ඇය ගීත ගායනා කර ඇත.
ඇයගේ විශිෂ්ට සේවය වෙනුවෙන් දේශීය හා විදේශීය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
