‘බාල එන්නතින් පසු මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකු මිය ගියා..’ - දොස්තර කියයි..

 


ඖෂධ නියාමන අධිකාරිය විසින් වහාම භාවිතය අත්හිටුවන ලෙසට දැනුම්දී ඇති ඖෂධය එන්නත් කිරීමෙන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව වෛද්‍යවරියක් විසින් සමාජ ජාල වෙත සටහනක් පළකර තිබේ.

මෙම ප්‍රශ්නගත එන්නට දැනටමත් වහා තම වාට්ටුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය සටහන් කරයි.

මෙම එන්නද සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී ඒවායේ බැක්ටීරියාවන් දක්නට ලැබී ඇති බවත් එම සටහනේ සඳහන්ය.

එන්නත ලබා දුන් රෝගීන් තිදෙනකු ඉතා ඉහළ ම උණ තත්ත්වයක් ඇතිවී පැය කීපයකින් ඉන් දෙදෙනෙකු මේ ගොස් ඇති බවද එම සටහනේ වෙයි.

කෙසේ වෙතත් මෙම රෝගීන් දෙදෙනා මියගියේ අදාළ එන්නට භාවිතයෙන් නිසාම යයි නිශ්චිත ලෙස අදාළ සටහනෙන් පැහැදිලි නොවෙයි.

කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත වහාම භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඊට හේතු වූ කාරණා ගැන අදාළ ආනයනික සමාගමෙන් නිදහසට කරුණු විමසා ඇත.

සම්බන්ධ පෙර පුවත 




1 Comments

Previous Post Next Post