වරෙන්තුවට විමල් අල්ලන්න පොලිස් මෙහෙයුම්.. රාත‍්‍රියේ නිවසටත් පනී.. ඔහු අතුරුදන්...


ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඒ් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (03දා) නිකුත් කරන ලද වරෙන්තු නියෝගයකට අනුවය.

වීරවංශ මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය වාහන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබිණි.

CID නිලධාරීන් අලුයම කාලයේ හෝකන්දර පිහිටි ඒ මහතාගේ නිවස මෙන්ම බත්තරමුල්ලේ පිහිටි කාර්යාලය ද පරීක්ෂා කර තිබේ. 

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතා එම ස්ථාන දෙකේම සිට නොමැති බව වාර්තා වේ. 

නිලධාරීන් විසින් අදාළ ස්ථානවල සිටි පවුලේ සහ කාර්යාලයේ සාමාජිකයන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව ද සඳහන් වේ.

4 Comments

  1. රජයේ ප්‍රමුඛ කාර්ය භාරය වෙලා තියෙන්නෙ විරුද්ධ මතධාරීන් හිරේ දමල නිහඬ කිරීම.
    කවුරු නිහඬ කලත් වැඩක් නැහැ සොබා දහමේ සාපය හරි වදිනවා ජනතාවට කල අපරාධයට.

    ReplyDelete
  2. මාස ගානක් වෙනවා මනුවර්ණයා තාම ඉන්නේ වරෙන්තුපිට.ඌ පාර්ලිමේන්තු එනවා රැස්වීම්වල ඉන්නවා බත් පැකට් මංකොල්ල කනවා හැබැයි සපත්තු පොලිස් සද්ද නෑ.

    ReplyDelete
    Replies
    1. Eka Wena Hilakin Apu ekek

      Ekai E..

      Anurage Ammage Redde Samanathmathawaya Gahaganna Kiyapiya UGEMA PUKE

      Oka Mitta Hinda Pukak Thiyenawada Balapalla


      MUNGE MODA JOKE ENOUGH NOW

      MU 21 Sept 2024 walata kalin deepu poratalks kohomada..

      Looke wate hgihin ATE thamai

      KAIYA NAYAKA ....

      Delete
  3. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post