CB අත්අඩංගුවට ගනී...

 


හිටපු ඇමති සීබී රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එම කොමිෂන් සභාව හමුවට කැඳවා තිබිණ.

එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති අතර අත්අඩංගුවත් හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොමිෂන් සභාවට ලැබුනු පැමිණිල්ලක් මත සිදු කරන විමර්ශණයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Previous Post Next Post