3000 බිල 2000 කරනවා කියලා විදුලි බිල 12%කින් වැඩි කරනවා..


ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින් විදුලි බිල අඩුකරනු වෙනුවට එය වැඩි කිරීමට යෝජනා කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි චෝදනා කරයි.

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දි රජය 11.57%කින් විදුලි බිල වැඩි කිරීමට උත්සහ කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජිවිතයක් නිර්මාණය කිරීමට මුලපුරමින් සිටින බවයි විපක්ෂ නායකයා තව දුරටත් පවසන්නේ.

සෑම වේදිකාවකම පාහේ වත්මන් රජයේ සාමාජිකයන් එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස රු. 9000 බිල 6000ත් රු. 3000 බිල රු. 2000 දක්වා 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත් මොවුන් බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් මොවුන් ලැබූ ජන වරම අද පාවා දෙමින් යන බවත් හෙතෙම කියා සිටියි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පිළිගෙන ඔහුට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කරපිටින් බලයට පැමිණ ජනතාව දුන් ජනවරම පාවා දෙන්නේ ඇයි ද යන්න තමන් ප්‍රශ්න කර සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනවරම මේ ආකාරයෙන් උල්ලංඝනය කරන රජයට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් හරහා ජනතාවගේ කර පිට අසීමිත පීඩනයක් පැටවීම තර‌යේ හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

5 Comments

  1. මේ ආණ්ඩුව ඇවිත් තවම අවුරුද්දයි. හිස් වෙලා තිබුණ මහා භාණ්ඩාගාරය රුපියල් ට්‍රිලියනයකින් පිරෙව්වා. ඩොලර් සංචිතය බිංදුව සිට බිලියන 6 දක්වා වැඩි කෙරුවා. සේවක වැටුප 80% වැඩි කෙරුවා.ඒ නිසා ලයිට් බිල 80% වැඩිකෙරුවත් අපිට කමක් නැහැ. දැන් අපි පොහොසත්.

    ReplyDelete
    Replies
    1. 68 ලක්ශේ ගව සම්පතJanuary 3, 2026 at 10:05 PM

      🤣😂 😁 උඹ කරන විහිලු ඇත්තට ගන්න උන් ඉන්නවා. මේ රටේ ගව සම්පතට අං විතරයි අඩු. ඒක මතක තියාගෙන උඹේ කොමෙන්ට් දාපිය. 😄😅

      Delete
  2. ආන්ඩුවේ වලත්තක්ම් පි‍ටු දැකීමේ පෙරමුණJanuary 3, 2026 at 10:00 PM

    අන්න අර වලත්ත ආණ්ඩුවේ වේස හැත්ත වේසකම් කරනවා එලිපිට. උඹ නිශ්ෂබ්දයි කියන්නේ උඹත් ඒ වලත්ත වැඩ වලට උදව් කරනවා කියන එක හොඳේ. ඊලඟ පාර ඡන්දෙ ඕන නම් උද්ඝෝශණයක් වත් සංවිධානය කරපන්. නැත්තන් ඔය විපක්ශ නායක කමයි පක්ශ නායක කමයි පොඩි එකෙක්ට දීලා උඹ බස් එකක් එලවගෙන, කැලේට වෙලා ෆොටෝ එකක් ගහගෙන හිටපන් පව් නොදී.

    ReplyDelete
    Replies
    1. ගෝඨාගෙන් පස්සේ රාජ්‍ය නායකත්වයක් ගන්න කොන්දක් තියෙන එකෙක් හිටියේ නෑ. සිංහලයගේම අවාසනාව තමයි. දැන් ඉතින් ආප්පයක් ගහගෙන, මාලිමාවේ ගංජා ඇමතිලගේ වතු වලින් නෙලාගන්නා දේශීය ගංජා ගහලා ඉක්මනට මැරිලා අපාගත වෙන සෙට් එක මාලිමාවට ආපහු ඡන්දෙ දෙයි.

      Delete
  3. තොගේ නිවටකම් නිසා තමයි මේ වල් පරට්ට හැතිකරේ බලයට ආවේ. මොකෙද්ද මන්දා. තවත් නලවනවා මේ ආණ්ඩුව. දැන් ආණ්ඩුවට කලින් ‍තෝව එලවලා ඉන්නයි වෙන්නේ.

    ReplyDelete
Previous Post Next Post