මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මේ සඳහා අවශ්‍ය බිම් කොටස දැනටමත් වෙන් කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ එකඟතාව ද ඒ සඳහා හිමිව තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට හෙක්ටයාර් 150ක විශාලත්වයකින් යුත් මෙම භූමිය තෝරාගෙන ඇත්තේ සතුන්ට අවශ්‍ය ජලය, ආහාර සහ ස්වාභාවික ආරක්ෂාව මැනවින් පවතින බැවිනි.
මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 283.87ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
වගා හානි සිදුකරන රිළවුන් අල්ලා මෙම කලාපයට මුදාහැරීමට නියමිත අතර, උන්ගේ ගහනය සීමා කිරීම සඳහා ගැහැනු සතුන්ට ලූපයක් පැළඳවීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අනුගමනය කෙරේ.
රැඳවුම් මධ්‍යස්ථානයෙන් සතුන් පිටතට නොයන ලෙස ආරක්ෂිත වැටවල් ඉදිකරන අතර, වනාන්තරය තුළ පවතින ආහාර ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පිටතින් ආහාර සැපයීමට ද සැලසුම් කර ඇත.

Doctor N thissa da lupa dan ne
ReplyDeleteDr Shafi
ReplyDelete