ලිත්‍රො ගෑස් සීමා කර බෙදයි...

 


ලිට්රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙකුට පමණක් කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් සීමා කර (26) දින බෙදාහරින ලදී.

සමාගම විසින් තමන් වෙත නිකුත් කරන ගෑස් තොග ප්‍රමාණවත් නොවන බව හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

මේ අතර, නෝර්වුඩ් නගරයේ වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කල ගැස් අලෙවි නියෝජිතයෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන විමර්ෂන නිළධාරි රවීන්ද්‍ර හදුහින්න මහතා පැවසීය.

නෝර්වුඩ් නගරයේ ගැස් තොග සගවා ගෙන වැඩි මිලිට අලෙවි කරන බවට නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිලි කිහිපයක් මත උපාය දූතයෙකු යොදවා ගෙන ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් මිලදි ගත් බවත්, එහිදි අලෙවි නියෝජිතයා විසින් කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක් රු.4000කට අලෙවි කල බව රවීන්ද්‍ර හදුහින්න මහතා කියා සිටියේය.

තවද ගෑස් තොග ප්‍රදර්ශනය නොකර වෙළදසැලේ වෙනත් ස්ථානයක ගබඩා කර තිබූ බවත්, එම ගැස් තොග ප්‍රදර්ශනයට තබා අලෙවි කරන ලෙස එම අලෙවි නියෝජිතයාට උපදෙස් ලබා දුන් බවයි නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන විමර්ෂන නිළධාරි රවීන්ද්‍ර හදුහින්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Previous Post Next Post