ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිය නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා ප්‍රංශය සහ ඉතාලිය ඉරාන රජය සමඟ රහසිගත රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව පිනෑන්ෂියල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කරගනිමින් ආරම්භ කළ ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇති අතර, මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල 2022 වසරෙන් පසු උපරිම මට්ටමට ඉහළ ගොස් ඇත.
ඉතාලි විදේශ අමාත්‍යාංශය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණද, ප්‍රංශ බලධාරීන් පවසා ඇත්තේ ඉරානය සමඟ සන්නිවේදන මාර්ග තවමත් විවෘතව පවතින නමුත් මෙම ගනුදෙනුව පිළිබඳ වාර්තා ස්ථිර කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සූදානම් නොමැති බවයි.
මේ අතර, උතුරු ඉරාකයේ පිහිටි ප්‍රංශ කඳවුරකට ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානයක් මගින් එල්ල වූ ප්‍රහාරයකින් ප්‍රංශ සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කර තිබේ.
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශය සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා ඇතුළු යුධ නැව් මධ්‍යධරණී සහ රතු මුහුදු කලාපයට යොමු කර ඇති අතර, මැදපෙරදිග කලාපයේ ප්‍රංශ සෙබළුන් 4,000 ක් පමණ ස්ථානගත කර සිටිති.
කෙසේ වෙතත්, ඉතාලිය පවසන්නේ පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් ඉරාකයේ පිහිටි සිය හමුදා කඳවුරුවලින් සෙබළුන් ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.
ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අවධාරණය කර ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදුකරන මෙම යුධමය මැදිහත්වීම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.
තම රට කිසිසේත්ම මෙම ප්‍රහාරවලට සම්බන්ධ නොවන බවත්, ඉදිරියටත් එවැනි මැදිහත්වීමකට සූදානම් නොමැති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත

හොඳයි. එහෙම තමයි වෙන්න ඕන.
ReplyDeleteයුද්ධ කරලා නිකන් දෙපැත්තම නැහෙන්න ඕන නැහැනෙ.
මෝඩ හැත්ත නේටෝවක් අටවගෙන අහක යන කුණු ගොඩවල් ඔලුවෙ දා ගන්නවා සල්ලිත් ගෙවලා.
ReplyDelete