ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය විදෙස් සංචාරයකයෙක් ඇද වැටී බරපතලයි..


 නුවරඑළිය ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට ගොස් අවධානම් සහිත ගලක් මත සිට සෙල්ෆී ඡායාරූප ගැනීමට ගිය 52 හැවිරිදි විදේශික සංචාරකයෙකු අනතුරට පත් වි තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (27) දින ඇතුලත් කල බව නුවරඑලිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.

විදේශිකයා සිට බිරිද සමග (27) දින ලවර්ස් ලීප් දිය ඇල්ලේ කදු මුදුනේ පිහිටි අවධානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට උත්සහ කිරිමෙදි එම විදේශිකයා ගලෙන් පහළට ඇද වැටී තුවාල ලබා සිටියදී ප්‍රදේශවාසීන් විසින් නුවරඑලිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වෙත දැනුම් දිමෙන් පසු නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින්ගේද සහයෝගය ඇතිව නුවරඑලිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලු පොලිස් නිළධාරින් පිරිසක් එම කදු මුදුනට ගොස් තුවාල ලබා සිටි විදේශිකයා පහළට රැගෙනවිත් සුවසුරිය ගිලන් රථයක් මගින් නුවරඑලිය දිස්ත්‍රිත් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

අනතුරින් විදේශිකයාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදු වී ඇති බවයි නුවරඑලිය රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post