අසූචි අතින් අරන් විරෝධාතාකරුවන්ට ගැසූ මුදල් ලේකම්ගේ අසල්වාසීන් 13 දෙනෙකුගේ නම් පොලිසියට..


 පැලවත්තේ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (28) උදෑසන පැවැති විරෝධතාවයකට ඒල්ල වූ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (29) පෙරවරුවේ තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

අදාළ අසූචි ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් බවට චෝදනා කරන විරෝධතාකරුවන්, ඊට සම්බන්ධ බව කියන පුද්ගලයන් දහතුන් දෙනෙකුගේ (13) නම් ද ඇතුළත් කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. 

මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර එහි පැමිණි වෙනත් පිරිසක් ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එමගින් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

එම පිරිස කියා සිටියේ තමන් ගම් වාසීන් බවත් මෙම ක‍්‍රියාවන්ට ඉඩ දිය නොහැකි බවත්ය.

අතුරුදන් වූ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

9 Comments

  1. අරගලයට පහර දීපු එවුන්ටත් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරනු

    ReplyDelete
    Replies
    1. කාලකන්නි අරගලයො නිසා තමයි අපි දුක් විදින්නෙ. ඕකුන්ව හිරේ දාන්න ඕන

      Delete
  2. ඉදිරියේ වාමාංශික ව්‍යාපාර උද්ඝෝෂණවලදී අලුත් සංසංස්කෘතියක් දැක ගත හැකිවේවියයි සිතනවා .ඒ තමයි අසූචි වලින් ගොම වලින් නෑවීම පහර දීම, අසූචි මිශ්‍ර ජලයෙන් පහර දීම. එයට ආරම්භක අත්පොත තැබූ බව පැහැදිලි ය.

    ReplyDelete
  3. සදාචාර සම්පන්න මිනිසුන් කරන්න තියා හිතන්නවත් අප්‍රසන්න දේවල් ජෙප්පන්ට කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුළුවන්. ඔවුන් පැමිණෙන පහත් පරිසරයන් සහ ඔවුන්ගේ ඇති සමාජ වෛරය මත ඔවුන්ට විරුද්ධ වෙන පුද්ගලයන් මරා දැමීම, අත පය කඩා දැමීම, ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් අපහාස කිරීම, අසූචිවලින් ගැසීම, විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් දොරවල් ගිනි තැබීම ජෙප්පන්ට ඉතා සාමාන්‍ය දේවල්. ඉදිරියේදී ජෙප්පන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදී කටයුතු මීට වඩා දෙගුණ තෙගුණ වෙනවා ජනතාව මේ අකටයුතුකම් වලට එකාවන්ව විරුද්ධ නොවුණහොත් සහ ජාත්‍යන්තර බලපෑම් නැති උනොත්.

    ReplyDelete
  4. athatama aran gahuwa eke okunge katawal walatath obanna thibbe...

    ReplyDelete
  5. ගොම කන එවුන්ට ගොම ගහන එක සුළු දෙයක්.

    ReplyDelete
  6. ගොම කන එවුන්ට ගොම ගහන එක සුළු දෙයක්.

    ReplyDelete
  7. ඉස්සරනම් ඔය පැත්තෙ වැදගත් මිනිස්සු හිටියෙ. දැන් ඉන්නෙ අසූචි බුදින ජවිපාවුන්.

    ReplyDelete
  8. ඔය ගූ පහපු වේස බල්ලන්ට අස්වැසුම දුන්නෙ ජෙප්පොලු.

    ReplyDelete
Previous Post Next Post