දෙවන වරටත් සියයට පනහකට ආසන්න වශයෙන් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකිරීමට අවසර දෙන ලෙස ජාතික පද්ධති පාලන ආයතනය [ NSO ] මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙන බව වාර්තාවී ඇතැයි හිටපු විදුලිබල සහ බලශක්ති ඇමැති, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක අනාවරණය කළේය.
රුපියල් බිලියන 41 ක මුදලක් ජාතික පද්ධති පාලන ආයතනයේ කටයුතු සඳහා අයකර ගැනීම සඳහා මෙම විදුලි ගාස්තු අයකිරීම සිදුකළ යුතු බවට මෙම ආයතනය කොමිසමෙන් ඉල්ලා තිබෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.
ගල් අඟුරුවලින් සිදුවූ රුපියල් බිලියන 21 ක පාඩුව ද මෙම ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට අදාළ කරගෙන තිබෙන බවත් මෙම පාඩුව ජනතාව මත පටවන්නේ නැති බව ජනාධිපතිවරයා පැවසුවද එය අයකරගන්නේ කෙලෙසද යැයි ඔහු පැවසිය යුතු බවත් මෙහිදී හිටපු ඇමැතිවරයා පැවසුවේය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ ද කියා සිටියේය.
‘’ විදුලිය කපන්නේ නැහැ කියලා කියනවා ඇමැති. නමුත් ජාතික පද්ධති පාලන ආයතනය ඉකුත් හයවැනිදා නිකුත් කළ වාර්තාවක නිකුත් කළා, එහි සඳහන් වෙනවා එහි පවර් කට් කියලා නැහැ නමුත් තියනවා ලෝඩ් ෂෙඩින් කියලා, ඉංජිනේරුවන්ගේ භාෂාවෙන් ලෝඩ් ෂෙඩින් කියන්නේ බලය කප්පාදු කිරීම තමයි. ඇමැති තැන තැන කියනවා ලයිට් කපන්නේ නැහැ කියලා නමුත් මේ වාර්තාවේ දැක්වෙන්නේ මෙය පැහැදිලිවම. නමුත් මේ දිනවලත් තැනින් තැන ලයිට් කපනවා. ඒක ජනතාව දන්නවා. මෙහි සඳහන් වෙලා තියෙනවා බලශක්තිය පද්ධතිය සුරැකීම වෙනුවෙන් ලයිට් කැපුවා කියලා. බිඳ වැටීම කියලා කියනවා ඒවාට. නමුත් මේ වාර්තාව සඳහන් වෙලා තියෙනවා බිඳවැටීමක් නෙමේ මේක විදුලි කප්පාදුවක් කියල.
ගල් අඟුරු වංචාව ගැන කරුණු ගණනාවක් කිව්වා පාර්ලිමේන්තුවට ඇවිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක කතාවක් පවත්වලා ඔහු කිව්වා ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු ආකාරයක වරදක් වෙලා නැහැ බාල ගල් අඟුරු ගෙන්වලා තියෙන අදාළ සමාගමෙන් අපි දඩ මුදල් අයකරලා ඒ පාඩුව පියවගන්නවා, කිසිම විදියක අපි ඒ පාඩුව ජනතාව පිට දාන්නේ නැහැ කියලා ජනාධිපති කිව්වා. ඔහු කතා කළ දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ගල් අඟුරු සම්බන්ධයෙන් වාර්තාවක්.
මේ වාර්තාවේ තියනවා 2020 සහ 2023 රට ඉතා අමාරු තත්ත්වයන්ට මුහුණ දුන් කාලයේ ගෙනාපු ගල් අඟුරුවලත් නියම ප්‍රමිතිය තියනවා කියල. අත්දැකීමක් නැති සමාගමට තමයි මේ ගල් අඟුරු ගෙන්වීම සඳහා අවසර දුන්නේ කියලත් මෙහි සඳහන් වෙලා තියනවා, කිසිම අවස්ථාවක මේ සමාගම ප්‍රමිතිගත ගල් අඟුරු සපයා නැහැ බාල ගල් අඟුරු සපයලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. කිලෝ වොට් පැය මිලියන 114.5 ක් අහිමි වෙලා තියෙනවා මේ බාල ගල් අඟුරු නැව් 12 ක් ගෙන්වපු නිසා. මේ පාඩුව රුපියල්වලින් ගත්තොත් බිලියන 10 ක්. දඩ ගහලා පාඩුව පියවන්න බැහැ දඩය වගේ පස් ගුණයක පාඩුවක් අපට වෙලා තියෙනවා. මිලියන 2332 යි අය කරගන්න පුළුවන්, නමුත් මේ වගේ පස් ගුණයක් පාඩුව, කවුද මේවට ගෙවන්නේ, ඇයි මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියන්නේ. තවමත් නැව් 18 යි ඇවිල්ලා තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි සැපයුම අනතුරක කියල මේකේ සඳහන් වෙලා තියෙනවා’’.
- Aruna

තමුන්ගේ දේසපාලනය මුළු රටම දන්නවා
ReplyDelete