පුද්ගලික නිවාස ඉදිරිපිටට විරෝධතා කලොත් එවන් දේට මුහුණ දෙන්න වෙනවා..- හර්ෂණගේ අසල්වැසියන්ගේ අසූචි ප‍්‍රහාරය ගැන ටිල්වින්


මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කරයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඕනෑම පුද්ගලයෙකුගේ නිවසක් ඉදිරිපිටට ගොස් කෑගැසීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවය.

පුද්ගලික නිවාස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, යම් පුද්ගලයෙකු තවකෙකුගේ නිවසක් ඉදිරිපිට කෑගසන විට එම ගම්වල මිනිසුන් ඊට ඉඩ ලබා නොදෙන බවත් ඔහු පැවසීය.

මෙහිදී අදාළ පාර්ශවයන්ගේ දේශපාලන පක්ෂය කුමක් වුවත්, මිනිසුන් එවැනි ක්‍රියාවලට විරෝධය දැක්වීම ස්වභාවික බව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම්, ඒ සඳහා අදාළ ආයතන සහ අමාත්‍යාංශ පවතින බවත්, විරෝධතා දැක්විය යුත්තේ එවැනි ස්ථානවල බවත් ඔහු ප්‍රකාශ කළේය.

තම පක්ෂය දහස් ගණන් ජනතාව සමඟ උද්ඝෝෂණ සිදු කළ ද, කිසිවිටෙකත් පුද්ගලික නිවාස ඉදිරිපිටට නොගිය බව ඔහු සිහිපත් කළේය.

සමාජ මාධ්‍ය හරහා මුහුණ පෙන්වමින් ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිස් මෙවැනි "මන්ද මානසික" ක්‍රියාවල නිරත වන බවට ඔහු චෝදනා කළේය.

දහපහළොස් දෙනෙකු රැගෙන ගොස් මෙවැනි දේ කිරීම තමන්ට කිසිසේත්ම අදාළ නොවන බවද ඔහු පැවසීය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ලේකම්වරයා, එවැනි ස්ථානවලට යන පුද්ගලයන් එම අත්දැකීම්වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් කියා සිටියේය.‍

මෙම ප්‍රහාරයෙන් විරෝධතාවයට පැමිණි පුද්ගලයාට සෘජුවම පහරක් වැදී නොමැති බවට තමා දුටු බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

13 Comments

  1. ආරියතිලක

    ජවිපෙ විසින් කැරලි දෙකකදී (1971 හා '87/88/89 ) ගෙවල් ගිනි තැබීම් පුද්ගල වෙඩි තැබීම්, මිනී මැරුම් කළේ නිවෙන් වලට නොගොසින් ද යන්න ටිල්වින් සිල්වා ජවිපෙ ලේක්ම්වරයා උත්තර දිය යුතු ය බටලන්ද කොමිෂන් සභාව ජවිපෙ ත්‍රස්ත ක්‍රියා කළ බව පැහැදිලිව කියා ඇත.

    ReplyDelete
    Replies
    1. ඊයේ මේ මහා බෞද්ධ රටේ නායකයා ලෙස ඡාතික බෞද්ධ උත්සවයේදි කථාව ඉවර කළේ බොහෝ ස්තූතියි කියලා.--ගේ දිව නැමෙන්නේ නැහැ තෙරුවන් සරණයි කියන්න.වංචා ගැන දැන් කථාකරන්න බැරි නිසා දැන් ප්‍රියතම දේ ඒ උතුම් බෞද්ධ උත්සවයේදිත් කීවා,මේ රටේ ප්‍රශ්නය ඡාතිවාදින් කියා.මේක තමා මුන් භයම එක, රට බෞද්ධ ඡාතික ප්‍රමෝදත්වය ඉලිප්පි 2019 දි වගේ ඉදිරියට ඒවි කියා.ඒක නේ අපේ ඉතිහාසය සංස්කෲතිය බුදුපිලිම විනාශ කරන්නේ සමලිංඟියෝ ප්‍රවර්ධනය කරන්නේ.හරි ආශයි එයාලාට ඡාතියක් ආගමක් නැහැනේ.

      Delete
  2. ටිල්වින් ඇට්ටිම්බා ලංකාවේ කුමේනි මිනීමරුවා.

    ReplyDelete
  3. ජේවීපී පකෝරිස්ල පන්නන්න කාලෙ හරි

    ReplyDelete
  4. Yako boru gone,, kakki gahala tiyenen laga path un nami JVP eke unma thama.. meyala enewa kiyala kalin danagene thama kele Anika monda gone gewal wa asushu ekathu keranne na.. uba gedera kalka baldaiyakata danne mondayo... kakak ekethu keranne kattiyak avith tiyenne..

    ReplyDelete
  5. තොපේ ගූ වැඩනේ ගොයියෝ තියෙන්නේ, යකෝ කොහොමද බන් උඹ ඇටකිත්තා වගේ ඉඳගෙන.. කොහොමද බන් දිමුතුට බබෙක් හදලා එකී පක්ෂෙන එළවලා.. ඒ කොල්ල විනී පවුල හදලා ඊට පස්සේ ජනාධිපති මාධ්‍යය ඒකකයට දාන්නේ .. ? එව්වන්නේ ටිල්ලියෝ වැඩ ..

    ReplyDelete
  6. කුහක ජෙප්පොන්ට ගූත් එක්ක තියෙන්නෙ ආත්මීය බැඳීමක්. ජෙප්පන්ට ගූ නැතුව බෑ. ගූ වලට ජෙප්පො නැතුව බෑ.

    ReplyDelete
  7. ගූ ජෙප්පො.

    ReplyDelete
  8. Dye Maina ge plan ekak bawa oppu wenawa den

    ReplyDelete
  9. හර්ෂණයගේ අසල් වෙසියන්ට කක්කුස්සි නැත්ද දන්නැහැ

    ReplyDelete
  10. වික්‍රෘති මානසික මාලිමා හැකරැන් දූශිතලෙස ඉදිරියට,..April 29, 2026 at 3:49 PM

    වසර මිලියනගනනක් අතීතය වර්ණවත්කළ ඉතිහාසගත මහා හෙළ රාජ්‍යයේ ස්වදේශීය හරපද්ධතියන් විණාශකර දමනා,..
    හෙළ වෙදකම, හෙළ ඔෟශධ, ඡේතනාන්විකව විණාශකර දමනා දශකඅටකට අාසන්න අවජාතක වහල් වනචාරී, නූගත් යටත්විජිත රෑකඩ පාළකයන්ගේ දිගුවක් ලෙසට පවතින රජයේ, වික්‍රෘති මානසික මාලිමා හැකරැන් පත්වී යටත්විජිත වහල්පාළණය කූඨලෙසට පවත්වාගෙන යමින් , රාජ්‍ය සතු වත්කම් සහ ධනය කූඨලෙසට කොල්ලා කමින්, දූශිතලෙසට දේශීයත්වය ගණිකාවෘතියේ යොදවා, දර්ශණයක් ,දැක්මක් නොමැතිව,සමස්ථ සමාජයක්,රාජ්‍යයක් අස්ථාවර කරමින්, මහජනයා වහලුන් බවට පත්කර දමා රාජ්‍ය පාළණය කිරීමට දරනා වංචනීක උත්සාහයන් වහවහා සමස්ථ සමාජයේ දැඩි අවධානයට,.!

    ReplyDelete
  11. ජෙප්පෝ කියන්නේ තිරිසන්නු ජාතියක් ...............මිනීමරු පච රෑල......

    ReplyDelete
  12. වනචාරී වහල් බටහිර ගැති හිගමන් යදිනා හිගන පාලකයනී "දේ සේ හැටියට වාසේ",.!April 29, 2026 at 6:22 PM

    කන්සා අවනීතිය වහා යාවත්කාලීන කරනූ,.!
    දේශීය කන්සා ගොවියන්ගේ අාර්ථිකය හිතාමතා චේතනාන්විකව ගිනිබත්කර දැමීම වහා නවතනූ,.!
    නූගත් වහල් වනචාරී පොලිස් සුණයන්ගේ ග්‍රහණයෙන් කන්සා ගොවිමහතුන් මුදවා, දේශීය හෙළවෙදකමට අත්‍යාවශ්‍ය කන්සා වගාව සහ කන්සා අාශ්‍රිත ඹෟශධ නිශ්පාදන වහා සුරකෂිත කරනු,.!
    ජ්‍යෙශ්ඨ පුරවැසියන්ගේ දේශීය හෙළ ඔසු සදහා පවතින පරම අයිතීන් වහා සුරකෂා කරනූ,.!
    දර්ශණයක් දැක්මක් නොමැති, හැගිම් දැනීම් නොමැති වනචාරී වහල් බටහිර ගැති හිගමන් යදිනා හිගන පාලකයනී "දේ සේ හැටියට වාසේ",.!

    ReplyDelete
Previous Post Next Post