අප්පච්චිගෙ ගාළු පුතාට පිහියෙන් ඇන රෝහලේ..


ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා පිටිගල
, බඹරවාන ප්‍රදේශයේදී ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඊයේ (17) රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත, ඒ පිළිබඳව විමසා බැලීමට මන්ත්‍රීවරයා එහි ගොස් ඇත.

එම අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් මන්ත්‍රීවරයාට පහර දී ඇති අතර, ඉන් තුවාල ලැබූ ඒ මහතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, පිටිගල පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

2 Comments

  1. කවුද අප්පච්චි කියලා හදුන්වන්නේ ? අප්පච්චිගේ පුතා කියන්නේ ඇයි ? මේ පිහියා ඇනුමට ලක්වුනු පුද්ගලයාගේ පියාගේ නම.මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ DNA පරීක්සනයක් කරන්නද?
      ඔන්න ඔහේ පැත්තකට වෙලා වෙන දෙයක් බලාගෙන හිටු

      Delete
Previous Post Next Post