කැළණි ගගත් උතුරයි.. ගංවතුරක් එනවා..


 කැළණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත. 

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්‌තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24 ක කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. 

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. 

එසේම තවදුරටත් වර්ෂාව අධික වුවහොත් හංවැල්ල ප්‍රදේශයෙන් පහළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලටද මෙම ගංවතුර තත්ත්වය ඇතිවීමට ඉඩ ඇත. 

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

9 Comments

  1. රට අදුරට. මුස්පේන්තු ආන්ඩුව

    ReplyDelete
  2. කලින් පාර ත්‍රිකුණාමලේදී පිලිම වහන්සේ නමක් වැඩැම්මෙව්වා කියලා හාමුදුරුවන්ට කුඩ කැඩෙන්න ගහලා හිරේ දැම්මා. මුළු රටේම ගංවතුර ගලලා කඳුකරය නාය ගියා. මේ පාර අනුරාධපුරේ අටමස්ථානේ හාමුදුරුවන්ට බොරු චෝදනාවක් දාලා හිරේ දැම්මා. වකුගඩු දන් දීලා ලෙඩින් ඉන්න හාමුදුරුවො කෙල්ලො දූශණය කරයිද. මේ පාර දකුණ යටවෙයි. කාලකන්නි 68 ලක්ශේ පව් අනිත් උන් ගෙවන එකයි දුක.

    ReplyDelete
    Replies
    1. පිරිත් නූලක් අතේ බැඳගෙන ඉන්න බැරි හාල්පාරුවෙක් රටේ නායකයා කරගෙන ඔයින් බේරිලා ඉන්න එකත් ලොකු දෙයක්.

      Delete
    2. පිරිත් නූල විතරද බං, සිංහල මිනිස්සුන්ට සිල් ගන්න උතුරට යන්න එපා කිව්වා ජාතිවාදය ඇවිස්සෙයි කියලා. හැබැයි උතුරෙ උන්ට රටේ ඕන තැනක යන්න පුලුවන්. ඒක ජාතිවාදය නෙමේ. පුදුම හරක් මේ මාලිමාවෙ නම් ඉන්නෙ. මහ සාපයක් ඕකුන් මේ රටට. බැරිද දන්නෙ නැහැ ඕකුන් වෙන රටකට විකුණලා බේසමක් ගන්න.

      Delete
    3. හාමුදුරුවන්ට කියපු කුණු කොමෙන්ට් ටික බලපන්කො බුකියෙ ගිහිල්ලා. හරියට ඇහෙන් දැක්කා වගේ කුණු කතා දාලා තිබුනා අමන හැත්ත.

      Delete
  3. බුද්ධ සාසනයටත්, සිංහල ජාතියටත් කෙලවන මේ ආන්ඩුවට හෙන ගහලා අකුලෝලාම පල.

    ReplyDelete
  4. බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ සිලෝන් නමැති යටත්විජිත දූපත් රාජ්‍යය නැවතත් ශ්‍රීලංකා නමැති නිවහල් දේශයක් බවට පත්කරගත්තේ මෙයට අවුරුදු පනස් හතරකට පෙර අද වැනි දිනකයි. ඒ සඳහා නායකත්වය දුන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතියේ වීර මාතාවකි. තමා මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ ත්‍රස්තවාදීන් නොමග ගිය තරුණයන් වශයෙන් සලකා පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළේ එම වීර මාතාවයි

    ReplyDelete
Previous Post Next Post