නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු තොග රැගත් නෞකා පැමිණෙමින් පවතින බව බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසි ටෙන්ඩර් යටතේ ලබාගත් ගල්අඟුරු මෙන්ම ට්‍රයිඩන්ට් චෙම්ෆාර් (සමාගමෙන් ලැබීමට ඇති හිඟ තොග ද මේ වන විට මෙරටට ලැබෙමින් පවතී.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඉන්දීය 'තරන්ජොට්' සමාගමෙන් හදිසි ටෙන්ඩර් යටතේ ඇණවුම් කරන ලද 17 වන නෞකාව පසුගිය සිකුරාදා (01) සිට ගොඩබෑම ආරම්භ කර ඇත.
මේ අතර, ට්‍රයිඩන්ට් සමාගමට අයත් තවත් නෞකාවක් නොරොච්චෝලේ ජෙටියෙන් පිටත මුහුදේ නැංගුරම් ලා ඇති අතර, එම සමාගමේ මීළඟ නෞකාව මැයි 12 වනදා මෙරටට ළඟා වීමට නියමිතය.
සාමාන්‍යයෙන් දින පහක කාලයකදී නෞකාවක තොග ගොඩබෑම අවසන් කළ හැකි වුවද, පවතින මුහුදේ රළු ස්වභාවය සහ රළ මට්ටම ඉහළ යාම හේතුවෙන් ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් මෑතකදී පැමිණි එක් නෞකාවක් ගොඩබෑම සඳහා දින අටක කාලයක් වැය වී ඇති බව බලධාරීහු පවසති.
මේ අතර, ට්‍රයිඩන්ට් සමාගම විසින් ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද 16 වන ගල්අඟුරු නැවෙහි තොග ද ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු අනාවරණය වී ඇත.
මීට පෙර වාර්තා වූ පරිදි, අදාළ සමාගම මගින් සැපයූ තවත් නැව් දෙකක ගල්අඟුරු තොග ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී තිබේ. ස්වාධීන පරීක්ෂණ ආයතනයක් වන 'කොටෙක්නා' මගින් සිදුකළ පරීක්ෂණවලට අනුව, එම සමාගම මෙතෙක් ලබාදුන් තොග අතරින් නෞකා පහක ගල්අඟුරු නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වී ඇති බව වාර්තා වේ.

එහෙනම්, ඔබ කියන්නේ විදුලි නිෂ්පාදනය නවතා විදුලි කප්පාදු ක්‍රියාත්මක කළ යුතු බවද?
ReplyDeleteබඩු ටික ගෙනත් දෙන්න ඉස්සෙල්ලා කොමිස් එක ඇරගත්ත හින්දා බඩු බාල වුණත් ගේන්න වෙනවා.ප්‍රධාන හොරු දෙන්න වෙච්ච හුණ්ඩුකුමාරටයි අඟුරු කුමාරටයි මරණ දණ්ඩනේ දෙන්න ඕන.ඉතුරු කට්ටියට ජීවිතාන්තය වෙනකන් හිරේ.
ReplyDelete