ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා නිලධාරීන් වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.
නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් රැඳවියෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ රැඳවියා වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටියි.
වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
