ශ‍්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක.. යථා තත්වයට පත්ව නෑ..- ජොන්ස් හොප්කින්ස් මහාචාර්ය ස්ටිවු හැන්කේ...


 ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙන්නේ, 2019 වසරේ ඇරඹි විදේශ විනිමය අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉන්දියාවට සාපේක්ෂව දරුණු ලෙස ඇද වැටී ඇති බවයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 2019 වසරේ මුල් භාගය වන තෙක් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉන්දියාව හා සමාන මට්ටමක පැවති නමුත් 2019 වසරේ ඇති වූ මුදල් අර්බුදය සහ ඉන් අනතුරුව සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මෙතෙක් යථා තත්ත්වයට පත්වී නොමැති බවත්ය.

2008 සිට 2025 දක්වා කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්වීම් (GDP Per Capita Constant 2010 USD) පදනම් කර ගනිමින් මෙම දත්ත ඉදිරිපත් කර ඇත.

2008 වසරේදී දර්ශකයක් ලෙස 100 මට්ටමේ සමානව තිබූ රටවල් දෙකෙහි වර්ධනය, 2025 වන විට ඉන්දියාව 232.36 දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පවතින්නේ 158.10 වැනි පහළ මට්ටමකය.

බටහිර මාධ්‍ය වාර්තා කරන කරුණුවලට පටහැනිව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් පවතින්නේ බරපතල පසුබෑමක බව මහාචාර්ය හැන්කේ වැඩිදුරටත් අවධාරණය කරයි.




2 Comments

  1. Why he took india. And not Bangladesh

    ReplyDelete
  2. ආර්ථිකේ නැති උනාට පචයගෙ පච වලින් අඩුවක් නෑනෙ

    ReplyDelete
Previous Post Next Post