බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලාවක් වටලා, එහි බලපත්‍ර රහිතව සිදුකළ මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත් වී තිබේ.
පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ දේශීය සහ විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 45කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම රාත්‍රී සමාජ ශාලාව දැනට විදේශගතව සැඟව සිටින 'චමිල' නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් බලහත්කාරයෙන් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් බවයි.
අදාළ අපරාධකරු මෙරටින් බැහැරව සිටියද, ඔහුගේ නම භාවිතා කරමින් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් පවා ලබාගෙන තිබීම විශේෂත්වයකි.
මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සහ අදාළ අපරාධකරුගේ සම්බන්ධතාවය පිළිබඳව බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Illegal Alcohol Trade Uncovered at Bambalapitiya Nightclub
In a significant crackdown, police in Bambalapitiya have uncovered an illegal operation involving the sale of alcohol without a license at a popular night social hall. The operation, which takes place at an establishment located near the Bambalapitiya railway station, was revealed following a special tip-off received by the police intelligence unit.
The raid occurred during the night, leading to the confiscation of over 45 bottles of locally and internationally produced alcoholic beverages that were stored for unlawful sale.
Initial investigations indicate that the nightclub is being run by an organized criminal identified only as 'Chamila,' who is currently residing abroad. This individual is believed to be managing the illicit business from overseas, even having secured a business registration certificate using their name.
Authorities have stated that investigations will continue to explore the connections between this illegal alcohol trade and the criminal involved, as police in Bambalapitiya aim to dismantle the operation and uphold the law.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
