පෝටි සිටියේ චීන්නු මරාගනිති.. ගිනි අවිත් එලියට.. දෙදෙනෙක් රෝහලේ...


කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී පිස්තෝලයක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

 මෙම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

මීට අමතරව, ගැටුම අතරතුර තුවාල ලැබූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු, ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පිරිසක් විසින් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමේදී මෙම පිස්තෝලය සහ සන්නිවේදන උපකරණය පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.





Violent Clash Among Chinese Nationals in Colombo Port Area Leads to Police Investigation

Authorities have uncovered a pistol and communication devices inside a vehicle linked to a violent altercation between two groups of Chinese nationals at the Colombo port city. The police made this discovery while inspecting the vehicle involved in the confrontation.

Two individuals sustained injuries during the skirmish and have since been admitted to a private hospital for treatment.

Additionally, a third Chinese national, who is suspected of having been injured during the incident, was forcibly taken from the scene by members of the opposing group, raising concerns about the nature of the dispute.

The recovered pistol and communication equipment are now in police custody as investigations continue. However, the exact motive behind the clash remains unclear at this time, and Colombo port police are conducting thorough inquiries into the situation.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. ඉස්සර ආපු චීන ජාතිකයින් වගේ නෙමෙයි දැන් එන්නෙ කොලිටි නැති එවුන්.

    ReplyDelete
    Replies
    1. චීන්නු බිස්නස් කරනකොට තම්බින්ට වඩා නරකයි. ජවිපේ සහ ටිල්වින්ගේ පිහිටෙන් චීනුන් ලංකාවේ සියලු බිස්නස් අල්ලනු ඇත. තවස නිෂ්පාදනය ආරම්භ කර වසර 3 ක්වත් නොවූ චීන වාහන ලංකාවෙ පිරිලා. තව අවුරුදු 5 කින් ඕවා ගත්ත මිළෙන් භාගයකටවත් දෙන්න නෑ. ඒ වගේම අමතර කොටස් මිළ දෙතුන් ගුණයක් වෙයි. නරකම දේ තමයි උන් වසර 5 න් 5ට මාදිලි වෙනස් කරලා ලෝක මෝටරථ වෙළඳාම අල්ලන්න ගියාම අපේ උන්ටයි කෙළවෙන්නේ.

      Delete
    2. ලංකාවේ එවුන් වගේ

      Delete
    3. ඉස්සර පස්සෙ කියල නෑ. චීන්නු කියන්නෙ වසල අපිරිසිදු මිනීමරාගන්න ජරා ජාතියක්

      Delete
  2. මයින්ද මාටියා කොමිස් ගහන්න රට චීනෙට උගස් කරපු එකේ ප්‍රතිපල තමයි මේවා

    ReplyDelete
    Replies
    1. එකගයි

      Delete
    2. ලප කොටා ආවාම පෝට් සිටිය වහලා ලංකාවට ගන්නවා කියලා හිතපු ජෙප්පෝ.. හිකිස්.. පව්!
      ලප කොටා ඉන්දියාවට උගස් කරලා විස්තර ඩෝබිලට වත් කියන්නේ නෑ .. ආතල් ඕයි

      Delete
Previous Post Next Post