විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු විය.
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් විය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් විය.
සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොදුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙම ජාතික ව්‍යසනයේ ගැඹුර අවබෝධ කර ගනිමින් ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු පරිවර්තනය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කෙරිණි.
මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් සඳහන් කෙරිණි.
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා බන්ධනාගාරගතව සිටින පිරිස්වලට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් , අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමේ සහ එහි පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කෙරිණි. ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය කෙරිණි.
බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
එසේම 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන 'මිතුරු පාසල' වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එහිදී සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීම සිදු කෙරන බවත් සඳහන් කෙරිණි.
මත්ද්‍රව්‍ය අවදානම වැඩි සහ ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳව ජාතික සභාවේ විශේෂ අවධානය යොමු විය.
දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කිරීමට හැකි වන ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාවද සාකච්ඡා විය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ “ප්‍රජාශක්ති” වැඩසටහන එක්ව මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්, නැවත ඇබ්බැහිවීම සහ පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය සහ සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරිණි.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි, අතිපූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද යන ස්වාමීන් වහන්සේලාද, ජූඩ් බර්නාඩ් පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු පූජක ප්‍රසාදීන් වහන්සේලාද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීන්ද, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Calls for Death Penalty for Drug-Related Crimes Highlighted in National Operations Council Meeting
The escalating drug crisis in Sri Lanka has moved beyond personal relationships, now posing a severe threat to the entire economic and social fabric of the nation. Acknowledging this alarming situation, the “Sri Lanka United” National Operations Council convened to discuss the imposition of the death penalty for drug-related offenses, underlining the urgent need for decisive action.
Chaired by President Anura Kumara Dissanayake at the Presidential Office, the meeting focused on the pervasive threat posed by the illicit drug trade, which has given rise to a criminal environment that endangers the national economy, tourism sector, and societal morals. Leaders emphasized the necessity of strict legal measures to cultivate a society free from the fears associated with drug trafficking and crimes.
Highlighting the need for practical implementations and rapid transformations to eradicate the drug menace, the President called for active participation from religious leaders, parents, and community organizations. This collaborative effort aims to confront and dismantle a crisis that is compromising the future generations of the country.
In-depth discussions were held regarding reforms needed within institutional frameworks to combat this national challenge effectively. Amendments to drug control laws are already in the final stages of development, with plans to expedite their presentation to Parliament.
To address delays in drug case adjudication resulting from the issuance of forensic reports, measures have been accelerated; a record of 6,414 forensic reports was published in July alone. The President instructed relevant departments to provide precise classifications based on the quantities of drugs seized, facilitating expedited legal proceedings for detained individuals.
The ongoing challenges faced within prison systems were also a focal point of discussions. Notably, recent unrest in several facilities, including Meegoda, Mahara, and Maganegama, resulted in property damage exceeding 255 million rupees. Strategies to minimize violent behavior among inmates, particularly through enhanced psychiatric support, were deliberated.
Further, the President urged the swift presentation of amendments to the Rehabilitation Act No. 54 of 2007 and recommended hiring retired experienced officials on contract basis to mitigate delays within the legislative framework.
Progress on the "Friend School" initiative, a collaborative program of the Ministries of Education and Health aimed at preventing drug misuse within the school system, was evaluated. The program emphasizes the importance of developing students’ character and training educators to recognize and guide children inclined towards drug use.
In areas with high drug-related risks and population density, the President directed the implementation of targeted programs to curb substance abuse. Alarmingly, recent reports indicate a rise in the prevalence of illicit substances among children studying in international schools, which has drawn the national council's attention.
To empower parents in identifying potential drug use among their children, the availability of drug testing kits through pharmacies was discussed. The importance of parental vigilance in safeguarding children’s well-being was underscored during the discussions.
Concerns were also raised regarding groups utilizing social media for promoting drug use. The possibility of leveraging these platforms to disseminate anti-drug messages was deliberated as part of a broader strategy to counteract the influence of illicit substances.
Joined by various ministers and high-ranking officials, including the Minister of Public Security and Parliamentary Affairs, government representatives emphasized the need for a robust, multi-agency approach to address drug use prevention, early identification, rehabilitation, legal reforms, and institutional changes.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බයානක වැඩක්. රටෙන් එලවපු මාර්කොසගෙ පුතා දැන් පිලිපීනෙ ජනාදිපති. ලංකාවෙ ඒ තරම් තැනකට මහින්දල වැටිල නෑ. ඒ නිසා මහින්දල දේසපාලනෙන් අතුගෑව වගේ හිතාගෙන අන්තිමට තමන්ගෙ එල්ලුම් ගහේ තමන්ටම එල්ලෙන්න වෙයි
ReplyDeleteඑකඟයි.
Deleteරිවිල නේද
Deleteකොටාටද?
Deleteජෙප්පන්ට රෙන්න පුකෙ ගූත් නෑ😂😂😂අවුරුදු දෙකක් තිස්සෙ තාම තටමනව
Deleteඑල්ලුම් ගහ ගෙන්න ම ඔනා
ReplyDeleteකුඩු පතාලය අවසන් කරලා දාන්න එල්ලුම් ගහ ගෙනාවොත් මලිමා ආන්ඩුව වට්වනවා බොරු සජියාටයි නැමෙලෙටයි මාරු ගහන්න තමයි. වෙන්නෙ 🤣🤣🤣
වෙන කවුරු කලත් කොටානම් මරණ දන්ඩනය දෙන්නෙ නැති බව ෂුවර්. හේතුව ඌ දන්නවා මරණ දන්ඩනය ක්‍රියාත්මක කරල තිබුනොත් ආණ්ඩුව
Deleteපෙරලුන ගමන් ඌට තමයි ඉස්සෙල්ලම ගහට යන්ඩ වෙන්නෙ කියල, දේශීය විදේශීය ආයතනවලින් ඇතිතරම් පූර්ව දැණුම්දීම් දීල තිබුනත් දිට්ඨා
සුලිකුනාටුවෙන් එකසිය ගානක් මරනෙන් බේරගන්ඩ කටයුතු නොකලට.