නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ නුවරඑලිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් (03) දින නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන් විසින් පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ විදුහල්පතිවරුන්ට පාසල් පවත්වාගෙන යැම සම්බන්ධයෙන් බලය පවරන බවයි.
ඒ අනුව පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ නුවරඑලිය සහ හැටන් කලාප කාර්යාලවල විදුහල්පතිවරුන් විසින් (03) දින පාසල් නිවාඩු ලබා දී ඇත.
Schools in Nuwara Eliya and Hatton Area Closed Due to Severe Weather Conditions
In response to the severe weather conditions affecting the Nuwara Eliya district, school principals have decided to issue a holiday for all educational institutions under the Nuwara Eliya and Hatton zoning offices on the 3rd of the month.
The Director of Education for the Central Province provided guidance to local education directors, delegating the authority to school principals to make decisions regarding the operation of schools amidst the ongoing adverse weather situation.
Consequently, school principals in the Nuwara Eliya and Hatton areas have enacted this holiday on the 3rd due to the prevailing harsh weather conditions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
