ඉරානය සමඟ ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණෙන්නේ නම්, එරටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇත.
නව ගිවිසුමක මූලික රාමුව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී තිබෙන බැවින්, ප්‍රහාරය තාවකාලිකව නතර කරන ලෙස ඉරානය සහ මැදපෙරදිග අනෙකුත් රටවල් තමන්ගෙන් ඉල්ලා සිටි බව ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඇමරිකාව ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම් බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මෙතෙක් නොදුටු මට්ටමේ හමුදාමය බලයක් ඉරානයට එරෙහිව භාවිත කිරීමට තමන් පසුබට නොවන බවත් ඔහු දැඩිව අවධාරණය කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන 'මෙහර්' පුවත් සේවය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමරිකාවෙන් එවැනි ඉල්ලීමක් ඉරානය සිදු නොකළ බවත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශය තවත් එක් අලුත් බොරුවක් පමණක් බවත් ඔවුන් වාර්තා කර ඇත.
ඉරානයේ වැඩබලන ආරක්ෂක අමාත්‍ය මජිඩ් ඉබ්න් අල්-රේසා ප්‍රකාශ කළේ, සතුරාගෙන් එල්ල වන ඕනෑම තර්ජනයක් තමන් බැරෑරුම්ව සලකන බවත්, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට ඉරානය සීරුවෙන් සිටින බවත්ය.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පසුගිය සිකුරාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති බව සීබීඑස් පුවත් සේවය වාර්තා කළේය.
මේ අතර, සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ද ට්‍රම්ප් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙමින්, කලාපීය නොසන්සුන්තාව අවම කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුම්වලට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ජෝර්දානය වැනි ඇමරිකාවේ මිත්‍ර රටවල් ද මෙම යුදමය තත්ත්වය පිළිබඳව දැඩි බියකින් පසුවෙයි. ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව සීමිත වුවද, තම රටවල ජල පිරිපහදු මධ්‍යස්ථාන වැනි තීරණාත්මක ස්ථාන ඉරාන මිසයිල ප්‍රහාරවලට ලක්විය හැකි බවට ඔවුන් කනස්සල්ල පළ කර ඇත.
Trump Suspends Military Strike Plans Against Iran Amid Negotiations
In a significant development, U.S. President Donald Trump announced that plans for a military strike against Iran have been put on hold, pending the outcome of negotiations aimed at reaching an agreement with the nation. This revelation was made via a post on his 'Truth Social' account.
Trump indicated that a foundational framework for a new agreement had been established, prompting Iran and other Middle Eastern countries to request a temporary cessation of military action.
However, the U.S. remains prepared to respond with force at any moment, with Trump emphasizing that America would not hesitate to utilize unprecedented military power against Iran, an assertion he has made with a sense of urgency.
The Iranian semi-official news agency, Mehr, dismissed Trump's statements, reporting that Iran never made such a request and labeling the assertion as another one of his unfounded claims.
Majid Ibn Al-Reza, Iran's acting Minister of Defense, stated that the country is closely monitoring any threats and is fully prepared to confront any military aggression.
According to CBS News, discussions during a cabinet meeting last Friday suggested that the U.S. and Israel were planning to conduct large-scale bomb attacks targeting Iran's energy infrastructure.
Meanwhile, Saudi Arabia's Crown Prince Mohammed bin Salman engaged in a phone conversation with Trump, emphasizing the need for diplomatic solutions to minimize regional tensions.
Countries allied with the U.S., such as the United Arab Emirates, Bahrain, and Jordan, have expressed deep concerns regarding the military situation. While they acknowledge that Iran's ability to launch attacks is limited, they remain wary of potential missile strikes on critical locations, such as water treatment facilities in their nations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මට තේරෙන විදියට ට්‍රම්ප් කරන්න හදන්නේ, ඉරානයේ තෙල් අපනයනය කිරීමේ සියලු අධෝ ව්‍යුහයමය පහසුකම් විනාශ කර, ඉරානය තෙල් අපනයනය කළ නොහැකි - අඩුම තරමින් හෝමෝස් සමූද්‍ර සන්ධිය හරහා තෙල් අපනයනය කළ නොහැකි - රටක් බවට පත් කිරීම, හෝමෝස් සමූද්‍ර සන්ධිය අමතක කර, ක්වේට්, ඉරාක ආදී තෙල් ගෙන යාමට, අරාබි උප මහද්වීපයේ රටවල් හරහා නල මාර්ගයක් හා ඇල මාර්ගයක් තැනීම, එම නල මාර්ගයට හා ඇල මාර්ගයට ජාත්‍යන්තර නීති යටතේ ආරක්ෂාව සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, එම නල මාර්ගයේ හා ඇල මාර්ගයේ ආරක්ෂාවට ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකාවට හිතවත් අරාබි රටවල හමුදාව යෙදවීම, ඉරානය තෙල් අපනයනයට එරෙහිව ආර්ථික සම්බාධක පැණවීම හා හෝමුස් සමූද්‍ර සන්ධිඅය වෙනත් ක්‍රම වලින් අවහිර කර ඉරානය තනි කිරීම, ආදියෙන් සමන්විත විසඳුමකට යන්න.
ReplyDeleteඉරානය යුධමය වශයෙන් පරාජය කරන්න නම් ඇමෙරිකාවට හැකිවන්නේ නෑ.
ඔය මම කියලා තියෙනවා වගේ දෙයක් තමයි ට්‍රම්ප්ට කරන්න ඉතුරු වෙන්නේ