මෙරට වාර්ෂික ධාන්ය නිෂ්පාදනය මෙට්රික් ටොන් ලක්ෂ 53ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබුණ ද, දේශීය අවශ්යතාව සම්පූර්ණයෙන් සපුරා ගැනීම සඳහා තවත් මෙට්රික් ටොන් ලක්ෂ 17ක ධාන්ය ප්රමාණයක් ආනයනය කිරීමට ශ්රී ලංකාවට සිදුවනු ඇතැයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පවසයි.
එම සංවිධානයේ ‘ගෝලීය තොරතුරු හා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය’ මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
ආනයනය කිරීමට අපේක්ෂිත ධාන්ය අතරින් වැඩි ප්රමාණයක් තිරිඟු වන අතර, මෙරට ජනගහන වර්ධනය සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් තිරිඟු ආශ්රිත නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම මෙලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, මෙවර ධාන්ය නිෂ්පාදනය පසුගිය වසර 5ක සාමාන්ය අගය සමග සැසඳීමේදී සියයට 9ක වර්ධනයකි. පසුගිය වසරේ මෙරට සමස්ත ධාන්ය නිෂ්පාදනය මෙට්රික් ටොන් ලක්ෂ 55ක් ලෙස සටහන් වූ අතර එය සාමාන්ය අගයට වඩා සියයට 12ක ඉහළ යාමකි.
වාර්ෂික වී නිෂ්පාදනයෙන් සියයට 60ක් නියෝජනය කරන ‘මහ’ කන්නයේ අස්වැන්න නෙළීම පසුගිය මාර්තු මාසයේදී අවසන් වූ අතර, එහිදී මෙට්රික් ටොන් ලක්ෂ 28ක අස්වැන්නක් ලැබී ඇත. සියයට 40ක දායකත්වයක් සපයන ‘යල’ කන්නයේ අස්වැන්න නෙළීම මේ දිනවල සිදුවන අතර එය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය. මීට අමතරව, මෙවර බඩඉරිඟු නිෂ්පාදනය ද මෙට්රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිෂ්පාදනය ඉහළ ගියද, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ගොවීන්ට විශාල අභියෝගයක් වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම රතු මුහුදේ පවතින නාවික ප්රවාහන බාධා හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අස්වනු නෙළීමේ හා ප්රවාහන කටයුතුවලට වැය වන පිරිවැය ඉහළ ගොස් තිබේ.
එල්-නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ වර්ෂාපතනය සියයට 35කින් පමණ අඩුවීම ලෝක ධාන්ය නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
මේ හේතුවෙන් ලෝක ආහාර සැපයුමට බාධා එල්ල වී ඇති අතර, 2022 වසරෙන් පසු ලෝක ආහාර මිල ගණන් ඉහළම මට්ටමකට පැමිණ ඇති බව ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවයි.
Sri Lanka Faces Rice Shortage Despite Increased Production Estimates
The Food and Agriculture Organization (FAO) has projected that Sri Lanka's annual rice production will rise to 5.3 million metric tons. However, this increase will still necessitate the importation of an additional 1.7 million metric tons to fully meet local demand.
This assessment comes from the FAO's latest report released through its Global Information and Early Warning System. It highlights the need for rice imports as local consumption continues to outpace domestic production.
Among the anticipated imports, the majority will consist of white rice. The report attributes the heightened demand for this staple to the growing population and an increase in tourist arrivals, which has further fueled the need for rice-based products.
According to the FAO, the projected rice production represents a 9% increase compared to the average of the past five years. Last year, total production reached 5.5 million metric tons, marking a 12% rise over the average during that period.
The harvesting of the main ‘Maha’ season crop, which contributes about 60% of annual production, concluded in March, yielding 2.8 million metric tons. Meanwhile, the harvesting of the ‘Yala’ season, which contributes around 40%, is currently underway and is expected to finish in September. Additionally, the production of jackfruit is projected to increase to 450,000 metric tons this season.
Despite the growth in production, the report underscores that rising production costs pose significant challenges for farmers. Factors such as increased prices for fertilizers and fuel, driven by logistical disruptions in the Red Sea region, have escalated the expenses associated with harvesting and transportation.
Furthermore, the El Niño weather phenomenon has resulted in a 35% decrease in rainfall in India, which has serious implications for global rice production. This disruption has led to obstacles in the food supply chain, with global food prices soaring to their highest levels since 2022, as highlighted by the FAO's warnings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
