රාත්‍රී කාලය හේතුවෙන් යැයි පවසමින් එක් ඡායාපිටපතක් (Photocopy) ලබාගැනීම සඳහා රුපියල් 850 ක අසාධාරණ මුදලක් අය කළ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වෙළෙඳසලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හදිසි වැටලීමකට ලක් කර තිබේ.
මෙම අසාධාරණ අයකිරීමට මුහුණ දුන් තරුණයෙකු විසින් අදාළ සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, එය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි අවධානයට හා කතාබහට ලක්විය.
එම සිදුවීම පිළිබඳ වහාම ක්‍රියාත්මක වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්, අදාළ වෙළෙඳසල පරික්ෂා කර එහිදී පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සාක්ෂි සිය භාරයට ගෙන ඇත.
ඒ අනුව, අදාළ වෙළෙඳසල් හිමිකරුට එරෙහිව ඉදිරි දිනවලදී අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බව එම අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගික ජනතාව නොමඟ යවන හෝ සූරාකෑමට ලක් කරන වෙළෙඳසල් සහ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව අවධාරණය කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මෙවැනි අසාධාරණ මිල අය කිරීම් හෝ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ ‘1977’ කෙටි දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Consumer Affairs Authority Cracks Down on Price Gouging in Puttalam
A retail establishment in the Puttalam district has come under fire for allegedly charging an exorbitant fee of 850 rupees for a photocopy because of nighttime hours. This incident prompted a swift intervention by officials from the Consumer Affairs Authority, who conducted a surprise inspection of the store.
The matter gained significant attention on social media when a young customer documented the incident and shared it online, sparking widespread discussion and outrage.
Reacting quickly to the viral post, the Consumer Affairs Authority dispatched investigative officers to examine the store, collecting necessary legal evidence regarding the violation of consumer laws.
The authority indicated that legal proceedings are being prepared against the owner of the establishment, with intentions to file a lawsuit in the near future.
Officials emphasized their ongoing commitment to monitoring businesses that mislead or exploit consumers, urging the public to report similar instances of arbitrary pricing or malpractices through their office hours via the hotline number ‘1977’.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බලමු ලපයට ඵන තියෙනවද කියලා.
ReplyDelete