පෙර පැවති පාලකයන් මෙන් පවුල් පරම්පරාවෙන් ලැබුණු ජනාධිපතිකම්, අගමැතිකම් හෝ ඇමතිකම් දැරූ පූර්ව අත්දැකීම් නොමැතිව වුවද වත්මන් රජය මේ තරම් සාර්ථකව කටයුතු කරන්නේ නම්, ඉදිරියේදී අත්දැකීම් සම්භාරය සමඟින් රට පරිවර්තනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිය විය යුතු නැතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.
ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, වත්මන් පාලනය ගෙවමින් සිටින්නේ වඩාත්ම අසීරු සංක්‍රාන්ති කාලසීමාව බවද පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මෙසේද පැවසීය:
"මේ ගෙවෙන්නේ අප මුහුණ දෙන අමාරුම කාලයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මීට පෙර ජනාධිපතිකම් කරලා නැහැ. අනිත් පක්ෂවල අය තමයි තාත්තලාගෙන් පුතාලට බලය පවරමින් ඒ තනතුරු දැරුවේ. කිහිප දෙනෙකු හැරුණුකොට අපේ කණ්ඩායමට මීට පෙර අගමැතිකම්, ඇමතිකම් හෝ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිකම් දරාපු අත්දැකීම් තිබුණේ නැහැ. එවන් අත්දැකීම් නොමැතිව වුවද අප මෙතරම් කැපවීමෙන් කටයුතු කරනවා නම්, මේ අත්දැකීම්ද ලැබෙන විට ඉදිරිය කෙතරම් විශිෂ්ට වේවිද කියා සිතා බලන්න.
අපට බාරගැනීමට සිදුවූයේ මත්ද්‍රව්‍යවලින්, දූෂණයෙන්, වංචාවෙන්, පාතාලයෙන් සහ දේශපාලකයන්ගේ මංකොල්ලකෑම්වලින් පිරුණු අපිරිසිදු වතුර භාජනයක් බඳු රටක්. එම අපිරිසිදු බඳුනට අද අප පිරිසිදු වතුර වත්කරමින් සිටිනවා. වසර පහෙන් විශ්‍රාම වැටුප් නොගැනීම, නිල නිවාස අත්හැරීම, වංචා දූෂණ නොකිරීම සහ රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී ඥාති සංග්‍රහය වෙනුවට සුදුසුකමට මුල්තැන දෙමින් රැකියා ලබාදීම යනු ඒ පිරිසිදු ජලයයි.
අපිරිසිදු භාජනයකට පිරිසිදු ජලය වක්කරන සංක්‍රාන්ති සමයේදී එහි දෙවර්ගයේම ලක්ෂණ මිශ්‍රව දිස්විය හැකියි. එහෙත් අධෛර්යමත් නොවී අඛණ්ඩව පිරිසිදු ජලය වත්කිරීම තුළින් එම අපිරිසිදු ජලය ඉවත් වී සමස්ත භාජනයම පිරිසිදු වන සේ, මෙම අසීරු කාලසීමාව නිමා වූ වහාම රටට වඩාත් යහපත් සහ සුබදායක අනාගතයක් උදාවීම නොවැළැක්විය හැකියි." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Deputy Minister Highlights Progress Amidst Challenges Faced by Current Government
The current government, despite lacking prior experience in leadership roles typically held by families across generations, has effectively tackled challenges, Deputy Minister Nalin Hewage asserted. He emphasized that citizens need not fear the transformation of the country as the administration continues to gain valuable experience.
Addressing a public gathering, Hewage underscored the significance of these times, describing them as particularly tumultuous for governance. He pointed out that Anura Kumara Disanayake, the President, has not previously held the presidency, unlike many from other political factions who inherited power from their parents.
“We are currently navigating through one of the most difficult periods. Our party members had little to no prior experience in roles such as Prime Minister, Minister, or even district coordinator. However, the dedication we have shown despite this lack of experience prompts us to consider the remarkable future that awaits once we acquire those experiences,” he remarked.
The Deputy Minister further highlighted the gravity of the challenges inherited by the administration, likening the country to a vessel tainted with drugs, corruption, fraud, and the plundering of politicians. “Today, we are transforming that polluted vessel into one containing clean water. Our commitment is reflected in not taking salaries for five years, vacating official residences, and prioritizing merit over nepotism in government recruitment,” he stated.
He noted that while the transition from a polluted vessel to one of pure water may reveal mixed characteristics during this transformative phase, a steadfast commitment to maintaining clean water will eventually purge the tainted vessel. He assured that, once this difficult period passes, the nation can look forward to a brighter and more prosperous future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ekath api piliganna oneda??? Vitz car eka Rs1,200,000 denakal api kochchara kal balagena innada???
ReplyDelete
ReplyDeleteවිබාගෙට ගහිල්ල fail උනාම , යකෝ කොහෙද කියන්න, අපි පාඩම් කරලා හොඳට
කරන්න තිබුන කියල , මුන් පාඩම් කරන කන් අපි බලන් ඉන්න ඕනේ
හා....මගේ දෙයියෝ .......අපි එතකල් බලාගෙන ඉන්නම්
ReplyDeleteඔව් ඉතිං අවුරුදු පනස් ගානක්ම අනිත් එවුන්ට කරන්න නොදී කඩාකප්පල් කරා මිසක් වෙන අත්දැකීමක් ලැබුවේ නෑ නේ. අනිත් එක උඹලා නේද ඡන්දෙට කළින් වැළලුනේ අත්දැකීම් ඕන නෑ අපිට කරන්න පුළුවන් කියලා.
ReplyDeleteහැබැයි තොට පාලනය කරලා තනතුරු දරල නැතිවුනාට මිනී මරල හොඳට පුරුදුයි.තොගේ අතේ ඇඟිල්ලක කෑල්ලක් නැත්තෙත් ඒ හින්දනේ.(බින්දුසාර කියලා කැම්පස් කොල්ලෙක්ව මූ මරන්න කැම්පස් එකේ කැලේට ගෙනිහින් ඉන්නකොට කැම්පස් එකේ අනිත් කොල්ලො ඇවිල්ලා බේරගත්තා.අර බිංදුසාර මරු විකල්ලෙන් බේරිලා යන ගමන් මුගේ ඇඟිල්ලක කෑල්ලක් කඩාගෙන පැනල දිව්වේ)
ReplyDeleteනලින් හේවගේ hire damu. dannam eka be Jeppone inne .2029 thamai karanna wenne
Deleteනලින් හේවගේ hire damu. dannam eka be Jeppone inne .2029 thamai karanna wenne
Deleteතොපි එකෙක් වත් කිසිම වැඩක් කරල නැහැ. කරන්ට හදපු හැම දෙයක්ම කඩා කප්පල් කළා විතරයි
ReplyDelete