ශ්රී ලංකා මුහුදු සීමාවේ පවතින ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු වෙනුවට වෙනත් සාමාජිකයන් ආදේශ කිරීම සඳහා ඉරාන රජය කර ඇති ඉල්ලීමට ශ්රී ලංකාව යහපත් ප්රතිචාර දක්වන බව නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයන් මාරු කිරීමේ කටයුතු රාජ්ය තාන්ත්රික මෙන්ම ආරක්ෂක අංශ මාර්ග ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්ය අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
ශ්රී ලංකා මුහුදු සීමාවේ ඇති ඉරාන නෞකාවේ නැවියන් තිදෙනෙකු මාරු කිරීම සඳහා කඩිනමින් අවසර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරමින් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියේය.
Sri Lanka Responds Positively to Iran's Request for Crew Replacement
In Parliament today, Deputy Minister Arun Hemachandra announced that Sri Lanka is responding favorably to a request from the Iranian government to replace three crew members aboard an Iranian vessel currently operating within Sri Lankan maritime boundaries.
The Deputy Minister emphasized that the process for replacing the crew members will be conducted through appropriate state and security channels.
This statement came in response to a question raised by opposition MP Rauff Hakeem, who urged the government to expedite the approval for the swift replacement of the sailors aboard the Iranian ship.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
මුන් ටික මූදෙම ඉන්ඩ ඇරලා තව ටික දොහක් බලන් ඉම්මු කෝ ඩෝං ගානකම් මූද යටින් ඇවිල්ලා. ආතල් එතකොට. අපිට මූදු වෙලළේ ඉඳලා බලන්ඩ පුළුවන් වෙයි ද වතුර මලක් වගේ විසි වෙනවා?
ReplyDelete