ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව එළඹෙන නොවැම්බර් මස 19 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබෙන මෙම නඩුව විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්රමුඛ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
කෙසේ වෙතත්, නඩුව කැඳවීම සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් ලැබී නොතිබීම හේතුවෙන් නඩුවේ පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසම නියෝජනය කරමින් කිසිදු නිලධාරියෙකු හෝ රජයේ නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේ නැත.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඩුල්ල හමුවේ දැනුම් දුන්නේ, පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තම සේවාදායකයා වෙනුවෙන් නිල වශයෙන් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණය, නඩුව යළි කැඳවීම ලබන නොවැම්බර් මස 19 වැනිදා දක්වා කල් තැබූ අතර, එදිනට බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාරය මාර්ගයෙන් යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදනය කිරීමේදී සිදු වූ බව කියන මහා පරිමාණ අල්ලස් සහ කොමිස් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශමින්ද්‍ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබේ.
මෙම ගනුදෙනුවට අදාළව මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ද නඩු විභාගයක් පැවති අතර, නඩුවට අදාළ මුල් ලේඛන මහාධිකරණය වෙත නිසි පරිදි සම්ප්‍රේෂණය කිරීම ඇතුළු තාක්ෂණික කරුණු පිළිබඳව ද අධිකරණයේ අවධානය යොමුව තිබිණි.
Namal Rajapaksa Set to Appear in Court Over Alleged Airbus Bribery Case
Parliamentarian Namal Rajapaksa is scheduled to return to court on November 19 in connection with charges linked to a bribery scandal involving the purchase of Airbus aircraft for SriLankan Airlines. This decision was announced by the Colombo Permanent High Court at a recent hearing.
The case, which has been filed by the Commission to Investigate Allegations of Bribery or Corruption, was presided over by Judge Priyanta J. Liyanage. During the proceedings, prison officials brought Rajapaksa before the court as per standard protocol for such cases.
However, the absence of prior notice regarding the case's hearing meant that no representatives from the bribery commission or legal counsels were present in court to address the matter.
Legal counsel Sanath Wijewardena, representing Namal Rajapaksa, was accompanied by the President's Counsel Nishantha Laddawatta. They informed the court of their intention to formally submit a bail application for their client once the commission's officials appeared in court.
Considering the points raised, the court postponed the hearing to November 19 and instructed the prison authorities to facilitate Rajapaksa's appearance in court on that date.
This alleged bribery case involves significant figures, including Namal Rajapaksa, his father Mahinda Rajapaksa, and several other businessmen, relating to substantial kickbacks associated with the acquisition of Airbus jets by SriLankan Airlines. Previously, this matter had also undergone scrutiny at the Colombo Magistrate's Court, with the judiciary focusing on procedural aspects like the proper submission of evidence.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This comment has been removed by the author.
ReplyDelete