වයඹදිග පකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පෞද්ගලික පාසලක වහලක් කඩා වැටීමෙන් ගුරුවරයෙකු සහ පාසල් සිසුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවූ ස්ථානයට ළඟාවූ හදිසි මුදාගැනීමේ කණ්ඩායම්, ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටි ළමුන් 47 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.
එලෙස රෝහල්ගත කළ පිරිස අතුරින් ගුරුවරයා ඇතුළු 30 දෙනෙකු මියගොස් ඇති බව එම සහන සේවා ආයතනය තහවුරු කර ඇත.
අනතුරට ලක්වූ 'අල්-ඛයිර් අධ්‍යාපන මධ්‍යස්ථානයේ' සුන්බුන්වලින් සියයට 95ක් පමණ මේ වන විට ඉවත් කර ඇති අතර, සහන මෙහෙයුම් බොහෝදුරට අවසන් අදියරේ පසුවේ.
කෙසේ වෙතත්, තවදුරටත් කිසියම් හෝ දරුවකු සුන්බුන් යට සිරවී සිටීදැයි තහවුරු කරගැනීම සඳහා විශේෂ සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකෙරේ.
පකිස්තානය තුළ පවතින ලිහිල් ගොඩනැඟිලි ආරක්ෂක රෙගුලාසි සහ ප්‍රමිතියෙන් තොර බාල ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මෙවැනි ගොඩනැඟිලි කඩාවැටීම් නිරන්තරයෙන් වාර්තා වේ.
මීට පෙර පසුගිය ජුනි මාසයේදීද ලාහෝර් නුවර කාහ්නා ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක වහලක් කඩා වැටීමෙන් කුඩා ළමුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදවාචකයක් වාර්තා විය.
Tragic Roof Collapse in Pakistan's Peshawar Claims Lives of 30
In a devastating incident in Peshawar, Pakistan, a roof collapse at a private school has resulted in the deaths of at least 30 individuals, including a teacher and several students. The tragedy unfolded as emergency rescue teams rushed to the scene, managing to save 47 children trapped under the debris, who were subsequently rushed to nearby hospitals for treatment.
Confirming the grim toll, the rescue service reported that among those hospitalized, 30 lives were lost, including that of the teacher. The school in question, known as Al-Khair Educational Centre, has seen approximately 95% of the trapped students evacuated as the rescue operations approached their final stages.
Despite the significant progress, specialized searches continue to ensure no child remains trapped beneath the rubble. The ongoing inspections are vital as the hope lingers that all victims have been accounted for.
This catastrophe highlights ongoing issues in Pakistan regarding lax building safety regulations and the use of substandard construction materials, which often lead to similar tragedies. Just months earlier, in June, another roof collapse in a private tutoring center in the Kahna area of Lahore resulted in the heartbreaking deaths of 14 young children.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
