ඊයේ හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්...


 17 වැනිදා දිවයින පුරා හටගත් හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති සමස්ත අලාභය රුපියල් කෝටි 400 ඉක්මවන බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි. 

මෙම විනාශයට සැබෑ වගකිවයුත්තන් කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය මුළුමනින්ම ඇණහිටීම නිසා පැය හතකට වැඩි කාලයක් පුරා රටම අඳුරේ පැවති බවයි. 

මෙම බිඳවැටීම හේතුවෙන් විදුලිබල සමාගම් වෙත පමණක් සිදුව ඇති ඍජු මූල්‍ය පාඩුව රුපියල් මිලියන 400කට අධිකය. කෙසේ වෙතත්, මෙරට දළ දේශීය නිෂ්පාදිතයට විදුලිබල ක්ෂේත්‍රය සපයන 15% ත් 20% ත් අතර දායකත්වය සැලකිල්ලට ගැනීමේදී, රටේ සමස්ත ආර්ථිකයට සිදුව ඇති සැබෑ වක්‍ර පාඩුව එමෙන් දස ගුණයක්, එනම් රුපියල් කෝටි 400කට අධික බව හිටපු අමාත්‍යවරයා ගණන් බලා තිබේ.

ස්වභාවික ආපදා හෝ හදිසි කාර්මික දෝෂ හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි වුවද, රට පුරා විදුලිය ඇනහිටින සමස්ත පද්ධති බිඳවැටීමක් වැළැක්වීම සඳහා 2019 වසරේ සිට විශාල පිරිවැයක් දරමින් පද්ධති නියාමන මධ්‍යස්ථානයක් ඉදිකර පවත්වාගෙන යන බව ඔහු සිහිපත් කරයි. එවන් පසුබිමක මෙවැනි බිඳවැටීමක් සිදුවීම බරපතළ ප්‍රශ්නාර්ථයක් බව පෙන්වා දෙන ඒ මහතා, පුත්තලම ලක්විජය බලාගාරයේ හටගත් දෝෂයක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු අනාවරණය වන බවද පවසයි.

මීට පෙර 2025 පෙබරවාරි 09 වැනිදාද මෙවැනිම ආකාරයේ බරපතළ විදුලි ඇනහිටීමක් වාර්තා වූ නමුත්, ඊට අදාළව කිසිදු අභ්‍යන්තර හෝ බාහිර ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් හඳුනා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු අමාත්‍යවරයා චෝදනා කරයි. 

සෑම පුරවැසියෙකුටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන්නේ නම්, සමස්ත රටේම ආර්ථිකය අඩපණ කළ මෙම අර්බුදයට වගකිව යුත්තේ කවුරුන්දැයි වහාම හෙළිදරව් කර ඔවුන්ට දඬුවම් පැමිණවීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමක් බවද ඔහු අවධාරණය කරයි.

තවද, මෙම විදුලි බිඳවැටීම් පදනම් කරගනිමින් ඊට මුවාවී පරිසර හිතකාමී සූර්ය බලශක්ති  උත්පාදනය කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් කිසියම් කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවටද පාටලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.





Severe Power Outage Costs Sri Lanka Over 400 Million Rupees, Ex-Minister Demands Investigation

A sudden power failure that swept across Sri Lanka on the 17th has resulted in an estimated economic loss exceeding 400 million rupees, according to former Minister Patali Champika Ranawaka. He is urging the government to initiate an immediate and impartial investigation to identify those truly responsible for the disaster.

In a public statement made via his social media account, Ranawaka highlighted that the national electricity transmission system experienced a complete shutdown, plunging the entire country into darkness for over seven hours.

The direct financial impact on electricity companies alone has soared to more than 400 million rupees. However, taking into account that the electricity sector contributes between 15% to 20% to the nation's Gross Domestic Product, Ranawaka estimates the overall economic setback could be tenfold, surpassing 400 million rupees.

Even though natural disasters or unforeseen industrial faults can disrupt electricity supply, Ranawaka reminded that a significant investment has been made since 2019 to establish and maintain a system management center to prevent such widespread outages. He described the incident as a grave concern and indicated that informal reports suggest a malfunction at the Puttalam Lakvijaya power plant may have triggered the situation.

This isn't the first time Sri Lanka has faced a massive power outage; a similar incident occurred on February 9, 2025. Ranawaka lamented that no internal or external independent investigations were conducted to identify wrongdoers in that case.

He emphasized that if the law is to be applied equally to all citizens, it is crucial for the government to swiftly disclose who is accountable for this crisis, which has adversely affected the entire country's economy, and to ensure they are punished accordingly.

Additionally, Ranawaka raised concerns about the government's potential attempts to exploit these power failures to obstruct environmentally friendly solar power generation initiatives, urging the public to remain vigilant regarding any such schemes.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post