‘අර්නබ්’ කුණාටුව ඉතා ප්‍රබල වේ.. රතු නිවේදනයක්.. මුහුදු රළ මීටර් 9ක්.. සුළඟේ වේගය 150 kmph


 බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති “අර්නබ්”  ඉතා ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ‘රතු’ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ඉතා ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අතිශය රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට මුහුදු ගමන්වලින් වළකින ලෙසත්, දැනටමත් මුහුදු ගොස් සිටින බහුදින ධීවර යාත්‍රාවලට වහාම ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් උපදෙස් දී ඇත.

මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට සහ අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, අද (28) පස්වරු 2.00ත් 4.00ත් අතර කාලසීමාව තුළ ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ ලෙස ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

එම අවස්ථාවේදී සුළගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 125 සිට 135 දක්වා පැවතිය හැකි අතර, විටින් විට පැයට කිලෝමීටර් 150 දක්වා වේගවත් සුළි සුළං ඇතිවීමේ අවදානමක් පවතී.

විශේෂයෙන්ම උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු කලාපය තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 සිට 150 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ උස මීටර් 6.0 සිට 9.0 (අඩි 20 සිට 30 දක්වා) පමණ ඉහළ යමින් එම මුහුදු කලාප අතිශය රළු විය හැකි බව කාලගුණ බලධාරීහු පෙන්වා දෙති. නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීම මුළුමනින්ම තහනම් කර ඇත





Severe Cyclone 'Arnab' Triggers Red Alert in Southern Bengal Sea Region

The Department of Meteorology has issued a 'red' alert valid for the next 24 hours due to the intensification of Cyclone 'Arnab' in the southern Bengal Sea region.

This powerful cyclone poses a significant threat, with the potential for extremely rough sea conditions both in deep and shallow waters around the island. Fishermen and the maritime community have been advised to refrain from sea voyages, and those already out at sea are urged to seek safe harbor immediately.

The cyclone system is projected to move towards the southwest and subsequently migrate further west, expected to make landfall along the Andhra Pradesh coastline of India between 2:00 PM and 4:00 PM today, October 28.

At that time, wind speeds are anticipated to reach between 125 to 135 kilometers per hour, with occasional gusts potentially escalating to 150 kilometers per hour, indicating a serious risk of damaging winds.

Specifically, within the maritime zone between latitudes 10 to 20 degrees north and longitudes 80 to 90 degrees east, wind speeds could rise dramatically, ranging from 80 to 150 kilometers per hour. Additionally, wave heights are expected to reach between 6.0 to 9.0 meters (20 to 30 feet), marking the area as extremely perilous. Officials have firmly prohibited any maritime activities in these waters until further notice.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post