අපට විශාල පාඩුවක්.. චීනය කොළඹ වරායෙන් යාම ගැන Access කොටස් වෙලදපලට ලියා දන්වයි..


 කොළඹ වරාය පරිශ්‍රය තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන South Asia Commercial and Logistics Hub (SACLH) තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයාමට එහි සියලු කොටස්කරුවන් එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ හේතුවෙන් තමන්ට ආයතනික මට්ටමින් රුපියල් මිලියන 310ක මූල්‍ය අලාභයක් සිදුවන බවත් Access Engineering PLC සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඇක්සස් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරිනි නිලූපා පෙරේරා මහත්මිය වෙත යොමු කර ඇති විශේෂ ආයතනික නිවේදනයක මේ බව සඳහන් වේ.

අදාළ නිවේදනයට අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්, නියමිත කාලසටහනෙහි ගැලපීම් මෙන්ම හවුල්කාර පාර්ශ්වයන්ගේ අදාළ වාණිජමය අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය සහ ඒ ආශ්‍රිත ගිවිසුම් විධිමත්ව අවසන් කිරීම සඳහා පාර්ශ්වකරුවන් බේරුම්කරණ එකඟතාවකට එළඹ ඇත.

සවුත් ඒෂියා කොමර්ෂල් ඇන්ඩ් ලොජිස්ටික්ස් හබ් ලිමිටඩ් (SACLH) සමාගම තුළ සියයට 15ක කොටස් හිමිකාරිත්වයක් දැරූ ඇක්සස් ඉංජිනියරින් සමාගම, ඒ වෙනුවෙන් යොදවා තිබූ මුළු ආයෝජනය රුපියල් බිලියන 1.762කි.

එළඹි බේරුම්කරණ එකඟතාව අනුව, සමාගමට යළි ආපසු ලැබීමට නියමිත සමස්ත මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.453ක් ලෙස තක්සේරු කර තිබේ. එම මුදල සමන්විත වන්නේ  කොටස් දෙකෙනි.

බේරුම්කරණ ආපසු ගෙවීම් (Settlement refund) යටතේ සමානුපාතික හිමිකම ලෙස ලැබෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 3.286ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.087ක්).

බෙදාහැරිය හැකි අරමුදල්වලින් සමාගමට හිමි කොටස ලෙස ලැබෙන ආසන්න වශයෙන් රුපියල් මිලියන 365ක මුදලක්.

මෙම ආයෝජනය ඇක්සස් ඉංජිනියරින් සමාගමේ පෞද්ගලික මූල්‍ය වාර්තාවල පිරිවැය පදනම මත සටහන් කර ඇති බැවින්, ආයෝජිත මුදල හා යළි ලැබෙන මුදල අතර පරතරය අනුව ආයතනික මට්ටමින් රුපියල් මිලියන 310ක පාඩුවක් ගිණුම්ගත කිරීමට සිදුවන බව කළමනාකාරිත්වය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පසුගිය 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ විගණනය කරන ලද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන මඟින් සමාගම් සමූහය රුපියල් මිලියන 387ක අලාභයක් දැනටමත් හඳුනාගෙන ආයෝජනයේ පොත් වටිනාකම රුපියල් බිලියන 1.38ක් දක්වා අඩු කර ඇති බැවින්, ඉදිරියේදී සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි අමතර සැලකිය යුතු මූල්‍ය පාඩුවක් අපේක්ෂා නොකරන බවද දක්වා ඇත.

සැබෑ ගනුදෙනු හා මුදල් පියවීම් සිදුවන දිනවල පවතින විදේශ විනිමය අනුපාත, අවසන් බේරුම්කරණ එකඟතා සහ අදාළ ගිණුම්කරණ ගැලපීම් මත මෙම මූල්‍ය ඇස්තමේන්තුවල සුළු වෙනස්කම් සිදුවිය හැකි බවද සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.

දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම බහුවිධ සැපයුම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ වරාය තුළ බිහිකිරීමේ අරමුණින් 2023 අප්‍රේල් 24 වන දින මෙම ව්‍යාපෘතිය මුල්වරට නිවේදනය කෙරිණි. 

සමස්ත ඇස්තමේන්තුගත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 392ක් පමණ වූ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ 70%ක බහුතර කොටස් හිමිකාරිත්වය දරනු ලැබුවේ චීන රජයට අයත් ප්‍රමුඛ සමාගමක් වන 'චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස්' විසිනි. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම 15% බැගින් වූ කොටස් හිමිකාරිත්වයක් දැරීය. කෙසේ වෙතත්, ගෝලීය භූ-දේශපාලනික ප්‍රවණතා, වෙළෙඳපොළ අවිනිශ්චිතතාව මෙන්ම ආයෝජන ප්‍රමුඛතාවන්හි සිදුවූ උපායමාර්ගික වෙනස්වීම් හමුවේ හවුල්කාර පාර්ශ්වයන් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කිරීම මෙරට වරාය සංවර්ධන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පසුබෑමක් ලෙස සැලකේ.





Massive South Asia Commercial and Logistics Hub Project Halted Amid Stakeholder Agreement

The ambitious South Asia Commercial and Logistics Hub (SACLH) project, slated for development within the Colombo Port area, has been officially discontinued as all stakeholders have reached a consensus to cease further progress. Access Engineering PLC has announced to the Colombo Stock Exchange that this decision will result in an institutional financial loss of approximately 310 million rupees.

A formal statement, signed by Rohana Pranandu, Managing Director of Access Engineering, was submitted to Niluva Perera, the chief regulatory officer at the Colombo Stock Exchange, outlining the decision's implications.

The announcement cites various external changes affecting the project’s operational environment, adherence to the expected timeline, and the commercial requirements and priorities of the partners involved, leading to a joint agreement to systematically conclude the project and its related contracts.

Access Engineering held a 15% ownership stake in SACLH, with total investment in the project amounting to 1.762 billion rupees. As part of the imminent withdrawal agreement, the company is estimated to recover approximately 1.453 billion rupees, consisting of shares and other financial assets.

The settlement refund will include a proportional amount in US dollars approximating 3.286 million (around 1.087 billion rupees) and an allocation of approximately 365 million rupees from distributable funds.

This investment has been recorded within Access Engineering's private financial reports, signaling a loss of 310 million rupees on an institutional level due to the discrepancy between the invested amount and the recovered funds.

Despite reporting a 387 million rupee loss for the financial year ending on March 31, 2026, and adjusting the book value of the investment to 1.38 billion rupees, the company does not anticipate any further significant financial losses in its consolidated financial statements going forward.

Access Engineering noted that minor modifications to these financial estimates may occur based on existing foreign exchange rates at the time of transactions, final settlement agreements, and relevant accounting reconciliations.

This project was first announced on April 24, 2023, with the aim of establishing a premier multi-modal supply and logistics hub within the Colombo Port.

Total estimated value for this massive project stands at approximately 392 million US dollars, with a majority holding of 70% owned by China Merchants Port Holdings, a prominent enterprise owned by the Chinese government.

The Sri Lanka Ports Authority and Access Engineering each held a 15% stake in the project. However, global geopolitical trends, market uncertainties, and shifts in investment priorities among partners have led to their decision to withdraw from this significant port development initiative, marking a notable setback in the region's logistics landscape.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post