AI නිසා පුද්ගලික දත්ත මාරාන්තික තර්ජනයක..- NPR


‘ක්ලෝඩ්’ (Claude) කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කළ ‘Anthropic සමාගම සිය මංගල මහජන කොටස් නිකුතුව සඳහා සූදානම් වෙමින් සිය මූල්‍ය හා ව්‍යාපාරික දත්ත ප්‍රථම වරට විවෘතව හෙළිදරව් කර ඇති අතර, නවීන තාක්ෂණය හමුවේ පුද්ගලිකත්වය මුළුමනින්ම අහෝසි වී යාමේ බරපතළ අවදානමක් පවතින බවට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව අමෙරිකානු NPR මාධ්‍ය ජාලය වාර්තා කරයි.

කොටස් වෙළෙඳපොළට පිවිසීමේ නීතිමය පියවරක් ලෙස ඇන්ත්‍රොපික් සමාගම විසින් අමෙරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිසම වෙත ඉදිරිපත් කර ඇති 'S-1' ලේඛනය මඟින් ඔවුන්ගේ මෙහෙයුම් ආකෘතිය පිළිබඳ සවිස්තරාත්මක කරුණු රැසක් හෙළිදරව් කර තිබේ.

එම දත්ත මඟින් වර්තමානයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය වටා නිර්මාණය වෙමින් පවතින දැවැන්ත මූල්‍ය ආයෝජන සහ AI Bubble පිළිබඳ සැබෑ තත්ත්වය පැහැදිලි කෙරෙන විස්මිත තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව එන්.පී.ආර්. වැඩසටහන පෙන්වා දෙයි.

මේ අතර, ලොව ප්‍රමුඛතම සංකේතනය කළ සන්නිවේදන යෙදුමක් වන Signal හි සභාපතිනි මෙරඩිත් විටේකර් එන්.පී.ආර්. සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දී ඇත්තේ, පුද්ගලික පණිවිඩ හුවමාරුව සහ End-to-End Encryption ආරක්ෂිත ක්‍රමවේදය දැවැන්ත පැවැත්මේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

එක් පසෙකින් පුරවැසියන්ගේ පුද්ගලික සංවාද වෙත රහසිගතව ඇතුළු වීමට හැකි පරිදි Backdoors සකස් කර දෙන ලෙස විවිධ රටවල ආණ්ඩු විසින් තාක්ෂණික සමාගම් වෙත දැඩි බලපෑම් එල්ල කරමින් සිටින අතර, අනෙක් පසින් පරිශීලකයන්ගේ ස්මාර්ට් උපාංගවල පවතින සියලුම තොරතුරු සෘජුවම නිරීක්ෂණය කළ හැකි AI Agents සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.

මෙම අර්බුදය පිළිබඳව අවධාරණය කරමින් ඇය පවසන්නේ, "අප මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ කිසිදු පුරවැසියෙකුට පුද්ගලිකත්වයක් ලබාදීමට ඇති හැකියාව මුළුමනින්ම තුරන් වී යාමේ බරපතළ අවදානමකටයි," යනුවෙනි.

OpenAI සමාගමේ හිටපු ඉහළ පෙළේ පර්යේෂකයන් විසින් ආරම්භ කරන ලද ‘ඇන්ත්‍රොපික්’ සමාගම මේ වන විට Amazon සහ Google වැනි තාක්ෂණික දැවැන්තයන්ගේ බිලියන ගණනක අරමුදල් ආකර්ෂණය කරගනිමින් ලෝක කෘත්‍රිම බුද්ධි තරඟයේ ප්‍රමුඛයෙකු ලෙස වැජඹේ.





Concerns Grow Over Privacy as Anthropic Reveals Financial Data Ahead of IPO

The AI company Anthropic, known for developing the 'Claude' artificial intelligence system, has unveiled its financial and operational details in preparation for its upcoming public offering. This disclosure has sparked significant concern among leading technology experts about the potential risks to personal privacy in an era dominated by advanced technology, as reported by NPR.

As part of the legal process to enter the stock market, Anthropic submitted its 'S-1' filing to the U.S. Securities and Exchange Commission. This document details various facets of its operational framework and highlights the immense financial investments fueling the ongoing AI boom.

Through these revelations, NPR's coverage sheds light on the true state of the AI sector, characterized by massive financial inflows and the emergence of an artificial intelligence bubble.

In a significant conversation with NPR, Meridith Whittaker, president of the leading encrypted messaging application Signal, pointed out that personal message exchanges and the security afforded by end-to-end encryption are facing severe threats.

On one hand, governments worldwide are exerting pressure on technology companies to create backdoors that allow secretive access to citizens' private conversations. On the other hand, a rapid increase in the development of AI agents capable of directly monitoring information on users' smart devices is observable.

Whittaker emphasized the gravity of this situation, stating, "We are currently facing a critical risk where the ability to grant any citizen their privacy is being entirely erased."

Founded by former senior researchers from OpenAI, Anthropic is now emerging as a key player in the global AI competition, attracting billions in funding from technological giants such as Amazon and Google.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post