මියෙන වයස හරියටම කියන AI තාක්‍ෂණයක් එයි..


 පිළිකා රෝගියෙකුගේ මුහුණේ ලබාගන්නා එක් සරල ඡායාරූපයක් (selfie) මඟින් ඔවුන්ගේ සැබෑ ජෛව විද්‍යාත්මක වයස සහ ප්‍රතිකාර හමුවේ ඔවුන් ජීවත්වීමේ සම්භාවිතාව කොතෙක්දැයි ඉතා ඉහළ නිරවද්‍යතාවකින් තක්සේරු කළ හැකි පෙරළිකාර කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියක් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බව CNN පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකාවේ බොස්ටන් නුවර පිහිටි ප්‍රමුඛ පෙළේ Mass General Brigham ආයතනයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙම නවතම අධ්‍යයනය The Lancet Digital Health නම් ලෝක ප්‍රකට වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබේ. 

විවිධ වයස් කාණ්ඩ සහ ජනවාර්ගික පසුබිම් නියෝජනය කෙරෙන මුහුණු ඡායාරූප මිලියන 40කට අධික ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් මෙම කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කර ඇති අතර, වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා වඩාත් සුදුසු හා ඵලදායී ප්‍රතිකාර තීරණය කිරීමට මෙය ඉදිරියේදී ප්‍රබල සහායක මෙවලමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුද්ගලයෙකු මෙලොව උපන් දින සිට ගෙවීගිය දින දර්ශන වසර ගණනින් මනිනු ලබන සාමාන්‍ය වයසට වඩා, සෛලීය හා ශාරීරික මට්ටමින් සිරුර වයස්ගත වී ඇති සැබෑ ආකාරය නිරූපණය කරන්නේ ජෛව විද්‍යාත්මක වයස මඟිනි. පිළිකා මර්දන ප්‍රතිකාරවලදී රෝගියාගේ සිරුරේ සැබෑ ශක්තිය මැන බැලීමට මෙම අගය ඉතා තීරණාත්මක වේ.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන 'මැස් ජෙනරල් බ්‍රිගම්' ආයතනයේ විකිරණ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය රේමන්ඩ් මැක් ප්‍රකාශ කරන්නේ, සාමාන්‍ය මුහුණේ ඡායාරූපයකින් පමණක් රෝගියෙකුගේ මරණ අවදානම් ලක්ෂණ හඳුනාගැනීමට හැකිවීම තමන් පවා බලවත් විශ්මයට පත්කළ කරුණක් බවයි.

විශේෂත්වය වන්නේ, මුහුණේ සිදුකර ඇති රූපලාවණ්‍ය සැත්කම්, බොටොක්ස් (Botox) එන්නත් හෝ මුහුණේ තවරා ඇති ආලේපන මඟින් මෙම AI ආකෘතිවල නිරවද්‍යතාවට කිසිදු බලපෑමක් එල්ල නොවීමයි.

ක්‍රිස්තු පූර්ව 400 දී පමණ විසූ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැළකෙන ග්‍රීක ජාතික හිපොක්‍රටීස් මරණාසන්න රෝගීන් විස්තර කරමින් දැක්වූ "තියුණු වූ නාසය, ගිලුණු දෑස් සහ ඇතුළට කඩා වැටුණු කම්මුල් පෙදෙස" යන ලක්ෂණ, සහස්‍ර ගණනාවකට පසු අද බිහිවූ AI තාක්ෂණය විසින්ද ස්වයංක්‍රීයව හඳුනාගැනීම අතිශය විශ්මයජනක කරුණක් බව වෛද්‍ය රේමන්ඩ් මැක් පවසයි. කිසිදු ඓතිහාසික ග්‍රන්ථයක් හෝ අන්තර්ජාල පෙළ කියවීමකින් තොරව, හුදෙක් ඡායාරූප මිලියන ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පමණක් AI පද්ධතිය හිපොක්‍රටීස්ගේ එම නිගමනයටම ස්වාධීනව එළඹ තිබේ.

මෙම AI පද්ධතිය කිසිසේත්ම වෛද්‍යවරුන්ගේ සායනික තක්සේරුව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නොව, ඔවුන් ගන්නා ප්‍රතිකාර තීරණවලට පූර්ව උපකාරකයක් ලෙස පමණක් භාවිත කළ හැකි බව අධ්‍යයනයේ කතුවරු අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල්බර් ලැම් පෙන්වා දෙන්නේ විවිධ සමේ පැහැයන්, විවිධ මුහුණේ හැඩතල සහ ජනවාර්ගික කණ්ඩායම් සඳහා මෙම තාක්ෂණයේ සාර්ථකත්වය ඉදිරියේදී සායනිකව තහවුරු කළ යුතු බවයි. එසේම, සරේ විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මහාචාර්ය මිරොස්ලාව් බොබර් සඳහන් කරන්නේ, මෙය ඉතා බලාපොරොත්තු සහගත පර්යේෂණාත්මක ඉදිරි පියවරක් වුවද, රෝහල් මට්ටමින් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට පෙර වෛද්‍යවරුන්ගේ සායනික පරීක්ෂණ සමඟ මෙය තවදුරටත් පුළුල් ලෙස සැසඳිය යුතු බවයි.





AI System Accurately Assesses Cancer Patients' Biological Age Through Selfies

A groundbreaking artificial intelligence (AI) system developed by a team of American researchers can determine the biological age and treatment viability of cancer patients with remarkable accuracy using just a simple facial selfie, CNN reports.

This innovative study, conducted by researchers at Mass General Brigham in Boston, was published in the prestigious medical journal, The Lancet Digital Health. The AI models were trained using an extensive dataset of over 40 million facial images representing diverse age groups and ethnic backgrounds, promising to become a vital tool for physicians in making optimal treatment decisions.

Unlike chronological age, which counts the years since birth, biological age reflects the actual cellular and physical aging process of the body. This metric is crucial for assessing a patient’s true strength during cancer treatment protocols.

Dr. Raymond Mack, a specialist in radiation oncology at Mass General Brigham and the study's lead author, expressed astonishment at the system’s ability to identify risk factors for a patient’s mortality using merely a standard facial photograph.

Significantly, the system's accuracy remains unaffected by cosmetic procedures, such as facial surgeries, Botox injections, or topical treatments, ensuring that assessments are reliable regardless of external alterations.

The characteristics highlighted by Hippocrates in the 5th century B.C., such as a "sharp nose, melted eyes, and a collapse of the facial features," remarkably align with current AI technology's ability to autonomously recognize similar signs of severe illness, according to Dr. Mack. The AI reached these conclusions through analyzing millions of images, independent of any historical texts or online resources.

It is critical to note, however, that this AI system is not intended to replace the clinical evaluations performed by medical professionals, but rather to serve as a supportive preliminary tool for their treatment decisions, the authors of the study emphasized.

Commenting on the implications of this research, Professor Wilbur Lam from Emory University highlighted the necessity for clinical validation of the technology across various skin tones, facial structures, and ethnic groups in the future. Similarly, Professor Miroslaw Bobek from Sare University noted that while this represents an exciting pioneering step in research, further extensive comparisons with clinical evaluations will be required before it can be widely implemented in hospital treatments.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post