ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන "අපේ ආණ්ඩුව" ජන රැලී මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් නිකවැරටිය සහ ඉබ්බාගමුව නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රැලි දෙකක් ඔක්තෝබර් 11 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව එදින පස්වරු 1.00 ට නිකවැරටිය නගරයේදී පළමු ජන රැලිය ආරම්භ වීමට නියමිත අතර, දෙවන ජන රැලිය එදින පස්වරු 3.00 ට ඉබ්බාගමුවේදී පැවැත්වෙනු ඇත.
මෙම ජන රැලීන් සඳහා මැති ඇමතිවරුන්, දේශපාලන ක්රියාකාරිකයන් ඇතුළු විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වීමට නියමිත අතර, රැස්වීම් මාලාව ෆේස්බුක් (Facebook) සහ යුටියුබ් (YouTube) ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
National People's Power Organizes Major Rallies in Kurunegala
Preparations are underway for two significant rallies titled "Our Government," organized by the National People's Power and set to take place in the Kurunegala district on October 11. These events will be led by President Anura Kumara Dissanayake.
The first rally is scheduled to commence at 1:00 PM in the town of Nikaweratiya, followed by the second rally at 3:00 PM in Ibbagamuwa.
Attendees are expected to include prominent ministers and political activists, indicating a strong turnout from party supporters. The rallies will also be broadcast live on social media platforms such as Facebook and YouTube, ensuring widespread engagement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
