ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජනවසම) සහ ඇල්කඩුව වැවිලි සමාගම සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් හා දේපළ 15ක් තෝරාගත් ආයෝජකයන් වෙත දිගුකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම රාජ්‍ය වැවිලි ආයතන සතු ඵලදායී ලෙස භාවිතයට නොගත් ඉඩම් හා දේපළවලින් උපරිම ආර්ථික ඵලදායිතාවක් ලබාගැනීමේ අරමුණින්, සුදුසු ආයෝජකයන් වෙත ඒවා බදු දීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට මීට පෙර කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව ක්‍රියාත්මක කළ පළමු අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 1,514ක්, සංචාරක බංගලා සහ සුන්දර ස්ථාන 10ක්, දැනට අක්‍රිය මට්ටමේ පවතින කර්මාන්තශාලා 15ක් වෙත ආයෝජනය කිරීම සඳහා අවස්ථාව විවර කෙරුණු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ආයෝජකයන් 470 දෙනෙකු සිය අභිලාෂයන් ඉදිරිපත් කර තිබුණි.
අනතුරුව, එම ලැයිස්තුවෙන් කෙටි ලැයිස්තුගත කරගත් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ඉඩම් සහ දේපළ කොටස් 30කට අදාළව ආයෝජන යෝජනා 44ක් ලැබී ඇත.
එම යෝජනා සියල්ල ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවක් මඟින් ගැඹුරු ඇගයීමකට ලක්කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ නිර්දේශයන්ට අනුව, සුදුසුකම් සපුරාලූ ආයෝජකයන් වෙත මෙම ඉඩම් සහ දේපළ 15 දිගුකාලීනව බදු දීමට තීරණය කර තිබේ.
Cabinet Approves Long-Term Lease of State-Owned Agricultural Land and Properties
The Cabinet has granted approval to lease 15 underutilized plots of land and properties owned by the State Agricultural Corporation, the Jhanawasa Development Board, and the Alkaduwa Agricultural Company to investors on a long-term rental basis.
This initiative is a response to a proposal put forth by the Minister of Agriculture and Community Infrastructure to maximize economic efficiency from these underutilized assets.
The transfer of these state-owned properties is aimed at encouraging suitable investors to utilize these lands and properties effectively, to generate maximum economic returns. Prior to this move, the Cabinet had already sanctioned a call for expressions of interest from potential investors.
Under the first phase of implementation, opportunities for investment encompassed 1,514 hectares of land, 10 tourist bungalows, and 15 currently inactive factories, prompting a strong response from investors, with 470 individuals submitting their expressions of interest.
Following this, a selection process was initiated, shortlisting investors who demonstrated serious intent. The selection process led to the receipt of 44 investment proposals related to 30 land and property segments.
These proposals will undergo thorough evaluation by a high-level advisory committee, and based on their recommendations, the decision has been made to grant long-term leases of these 15 sites to qualified investors.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
