ලෝක යුද්දයක් ඔන්න මෙන්න.. සියළු ඇමරිකානුවක් සෞදි අරාබියෙන් ඉවත් වෙති...


 ඉරානය වෙත ප්‍රබල හමුදා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සැලසුම් සකස් කරමින් සිටින බවත්, පවතින ආරක්ෂක තර්ජන හමුවේ සෞදි අරාබියේ සිටින ඇමරිකානු අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එරටින් ඉවත්වන ලෙස වොෂින්ටනය දන්වා ඇති බවත් CNBC පුවත් සේවය වාර්තා කරයි.

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන්  අනතුරුව ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට දෙරටේ ආරක්ෂක අංශ සූදානම් වන බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙමින් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඉදිරි ප්‍රහාර සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, බලශක්ති යටිතල පහසුකම් මෙන්ම මිසයිල හා ඩ්‍රෝන අවි ගබඩා ඉලක්ක කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, මේ දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම නව ප්‍රහාර සඳහා අවසන් අනුමැතිය ලබා දී නොමැති අතර, මහා පරිමාණ යුද්ධයකට යළි ප්‍රවිෂ්ට වීමට එරෙහිව ඔහු මීට පෙරද නිශේධ බලය භාවිත කර තිබිණි.

මේ අතර, තමන්ට ප්‍රහාරයක් එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ දත්ත මධ්‍යස්ථාන සහ මුහුදු පත්ලේ ඇති අන්තර්ජාල සන්නිවේදන රැහැන් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇති අතර, තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පසුබැසීමක් සිදු නොකරන බවද අවධාරණය කර ඇත.

ඉරාන හිතවාදී යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර වීම හමුවේ සෞදි අරාබියේ සිටින ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. පසුගිය බදාදා දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලැබූ අතර, ‘සෞදි අරාම්කෝ’ සමාගමට අයත් ෂෙයිබා තෙල් නිධියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින්ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෞදියට අමතරව කලාපයේ සෙසු ඇමරිකානු තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ පවුල්ද ඉවත් කර ගැනීමට වොෂින්ටනය සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම යුද ආතතියත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ‘බ්‍රෙන්ට්’ වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 98.12 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදු කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වුවහොත් තෙල් මිල මීටත් වඩා සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.





U.S. and Israel Prepare for Military Actions Against Iran Amid Rising Tensions

The United States and Israel are reportedly drawing up plans for a significant military strike against Iran. This development comes as Washington has advised non-essential State Department personnel and their families to leave Saudi Arabia immediately, citing ongoing security threats, according to CNBC.

In anticipation of potential military operations against Iran following the U.S. midterm elections in November, both nations’ defense sectors are gearing up, as conveyed by reports from The New York Times.

U.S. Secretary of Defense Lloyd Austin recently disclosed that he had extensive discussions with Israeli Prime Minister Benjamin Netanyahu during an unannounced visit to Israel, focusing on upcoming offensive strategies.

The unified operation aims to target Iran’s nuclear facilities, energy infrastructure, as well as stockpiles of missile and drone weapons. However, it remains unclear if former President Donald Trump has granted final approval for these potential strikes, as he has previously opposed reengaging in any large-scale military conflict.

Iran has issued a warning about retaliatory strikes targeting data centers and internet communication systems in the Middle East if attacked, reiterating its commitment to advancing its nuclear program without any setbacks.

In light of escalating fears sparked by attacks carried out by Iran-backed Houthi rebels, U.S. officials in Saudi Arabia have opted to remove their personnel from the region. Last Wednesday, an attack at the King Fahd International Airport in Dammam resulted in one death and eight injuries. Additionally, two fatalities were reported from a drone attack on the Shaybah oil facility owned by Saudi Aramco. According to Reuters, Washington is also planning to evacuate the families of officials from other American diplomatic missions in the region.

These military tensions have caused global oil prices to surge, with Brent crude surpassing the $110 per barrel mark, while WTI crude has risen to $98.12 per barrel. Economists warn that if naval traffic in the strategically critical Strait of Hormuz is disrupted, oil prices could soar even higher.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post