මාලිමා සභා දෙකක අවයැය පරදී..


ජාතික ජන බලවේගය මඟින් පාලනය කරනු ලබන මාතලේ මහ නගර සභාවේ සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය කෙටුම්පත් (30) අදාළ ආයතනවල මුදල් කාරක සභා රැස්වීම්වලදී ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඇලින් කොට්ටහච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාව හමුවට මෙම අයවැය කෙටුම්පත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරිණි.

සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත මාතලේ මුදල් කාරක සභාව වෙනුවෙන් පාලක පක්ෂය නියෝජනය කරමින් නගරාධිපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු පමණක් සහභාගි වී සිටි අතර, නියෝජ්‍ය නගරාධිපති ටී. මෝහන් මහතා මෙම කාරක සභා රැස්වීමට එක්ව නොසිටීම විශේෂත්වයකි.

එහිදී විපක්ෂය නියෝජනය කරමින් කාරක සභාවට එක්වූ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනාම අයවැය කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව සර්වජන බලය පක්ෂයේ අමිල නිරෝෂණ, සමගි ජන බලවේගයේ (සජබ) එම්. සාරුල්ලා සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සන්දීප කපුකොටුව යන මන්ත්‍රීවරු මෙලෙස විපක්ෂව ඡන්දය ලබා දුන්හ.

මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය පක්ෂයේ නාගරික මන්ත්‍රී අමිල නිරෝෂණ මහතා සඳහන් කළේ, 2014/02 දරන පළාත් පාලන කොමසාරිස්වරයාගේ අයවැය චක්‍රලේඛයට පටහැනි අයුරින් මෙම අයවැය කෙටුම්පත ඉදිරිපත් කර ඇති බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි.

මුදල් කාරක සභාව තුළදී අයවැය කෙටුම්පත පරාජයට පත්වීමත් සමඟ, මාතලේ මහ නගර සභාව සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.





Budget Proposals for 2027 Rejected by Matale Municipal and Panadura Pradeshiya Sabhas

The proposed budget framework for the year 2027, managed by the National People's Power (NPP), has been soundly defeated during a recent vote in the financial committee meetings of the Matale Municipal Council and the Panadura Pradeshiya Sabha.

Under the leadership of Matale's Mayor, Allen Kottahachchi, the financial committee convened to discuss the budget proposal, which was subject to a voting process. Notably, only a handful of members participated, including the Mayor and one other councilman from the ruling party.

In a remarkable absence, Deputy Mayor T. Mohan refrained from attending the committee meeting, raising eyebrows among the attendees. Three opposition municipal councilors actively participated in the proceedings, collectively voting against the budget proposal.

The opposition members consisted of Amila Niroshan from the Samajwadi Party, M. Sarullah from the Samagi Jana Balawegaya (SJB), and Sandip Kapukotuwa of the United National Party (UNP), who all expressed their dissent through their votes.

Amila Niroshan articulated his concerns, stating that the budget proposal was presented retroactively in accordance with the fiscal circular issued by the provincial commissioner in February 2014. This prompted the opposition to firmly oppose the proposal during the voting process.

With the budget proposal's rejection, authorities are now focusing on potential legal and administrative actions to address the implications for both the Matale Municipal Council and the Panadura Pradeshiya Sabha in the near future.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post