කස්සප හිමිට අපි ගැහුවෙ නෑ.. උන් වහන්සේ බිම ඇද වැටුනා..- පොලිසිය


බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන විරෝධතා සත්‍යග්‍රහය අතරතුරදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පොලිස් නිලධාරීන් විසින් පහරදුන් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රබන්ධයක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, කුරුඳුවත්ත පොලිස් වසමට අයත් විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී (17) රාත්‍රී කාලයේදී  මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.

එහිදී එම ස්ථානයට රැස්ව සිටි පිරිස ඇමතීම සඳහා නීතිවිරෝධී ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමටත්, ටෙන්ට් රෙදි යොදාගනිමින් තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමටත් උද්ඝෝෂකයින් උත්සාහ දරා ඇත. 

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ ඉදිකිරීම් නීත්‍යානුකූල නොවන බව ඔවුන්ට කරුණු සහිතව පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එහි රැස්ව සිටියදී, උද්‍යාන පරිශ්‍රයේ තිබූ කොන්ක්‍රීට් පඩියකින් උන්වහන්සේගේ පය ලිස්සා බිම ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය අවධාරණය කරයි. 

ඒ අනුව, පොලිස් නිලධාරීන් විසින් උන්වහන්සේට කිසිදු ආකාරයක පහරදීමක් සිදු කර නොමැති අතර, සිදුවූ හදිසි අනතුරින් පසු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බලංගොඩ කස්සප හිමියන් ප්‍රතිකාර ලබා මේ වන විටත් රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මහජනතාව කුපිත කරමින් රට තුළ කලහකාරී සහ නොසන්සුන් වාතාවරණයක් නිර්මාණය වන පරිදි මෙවැනි අසත්‍ය වීඩියෝ පට හා තොරතුරු අන්තර්ජාලයට මුදාහරින පාර්ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ දැඩි අවධානය යොමු වී ඇති අතර, ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද පොලිසිය අනතුරු අඟවයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි පදනම් විරහිත අසත්‍ය තොරතුරු පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය මගින් පුළුල් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් දන්වා සිටී.





Police Address Misleading Claims Amid Protests for Release of Buddhist Monk

In a recent demonstration held at the Viharamahadevi Park in Colombo, protestors called for the release of imprisoned Buddhist monk, Galagoda Aththe Gnanasara, amidst allegations of police brutality against a prominent monk. However, the Police Media Division has officially stated that video footage circulating on social media, which purportedly shows police officers attacking the protestors, is entirely misleading.

According to a statement issued by the Police Media Division, the protest at Viharamahadevi Park began on the night of the 17th, in front of a statue of Buddha. Protestors allegedly used illegal sound amplification devices to speak to the gathering and attempted to set up temporary structures with tent fabric.

Police officers responded to the scene to explain to the protestors that their construction activities were unlawful. During this intervention, it was noted that several monks, including Galagoda Aththe Gnanasara, were present when one monk reportedly slipped on a concrete pathway, resulting in a fall.

The police emphasized that no physical assault occurred on the monk; rather, he was treated at the Colombo National Hospital following the incident and has since been discharged. This clarification comes as concerns mount over the potential for misinformation to incite unrest in the country, with authorities pledging strict legal action against those disseminating false information.

The police are urging the public to critically evaluate information shared on social media and to refrain from spreading unfounded claims. Furthermore, they have announced that the Kurunduwatta Police are conducting a comprehensive investigation into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. එදා අපි රණ විරුවන් ලෙස සලකා අපේ ලේ පවා දන් දුන්, සෙත් පතා බෝධි පූජා පැවැත්වූ අපි; උතුරේ හෝ නැගෙනහිර පළාත් වල මෙන් නොව අද දක්වාම කිසිදු බාධාවකින් තොරව රාජකාරී කිරීමට ඉඩ දුන් පොලීසිය වර්ථමානයේ කාලකණ්නි, ත්‍රස්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කර පෙරේදා අධිකරණයට බොරු තොරතුරු ලබාදී අධිකරණ නියෝගයක් ලබාගෙන මහා පාප කර්මයක් කරගත්තා සේම ඊයේ නිරපරාදේ සංඝයා වහන්සේට පහරදී ආනන්ත පාපකර්ම කරගත්තා. අද සිට ඒ පාහර බලු පැලවත්තේ පොලීසියටත් උන්ගේ භාෂාවෙන් පිළිතුරු දෙමු! 😡💪මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. තොපිට සාප වෙනවා🤮🤮🤮

    ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමා තිබියදීත් අපේ ඉවසීම මුන් නිවට කමක් ලෙසින් ගෙන තව තවත් මර්ධනය ක්‍රියාත්මක කරනවා නම් අපිත් මෙතැන් සිට උන්ට උන්ගේ භාෂාවෙන් පිලිතුරු දෙමු! 😡💪 "සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමු"!

    ReplyDelete
Previous Post Next Post