හැටන් M.R. ටවුන් ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකින් මාර්ගය අසල සිටි සුනඛයන්ට ද වැදෙන අයුරින් කසළ බෑගයක් විසි කර පළා යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව නීත්යනුකූල පියවර ගන්නා ලෙස ප්රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
රාත්රී 9.00ට පමණ සිදුවූ බව කියන මෙම සිදුවීමේදී අදාළ මෝටර් රථයේ ගමන් කළ පිරිසක් විසින් මාර්ගයට කසළ බෑගයක් විසි කර තිබේ. එම අවස්ථාවේදී මාර්ගය අසල සිටි සුනඛයන් රංචුවක් දෙසට බෑගය විසිවන ආකාරය ද වීඩියෝ දර්ශනවල දැක්වෙයි.
අදාළ මෝටර් රථයට පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවකු විසින් මෙම සිදුවීම වීඩියෝගත කර ඇති අතර, එම දර්ශන ඔස්සේ වාහනය සහ එහි ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන විමර්ශනයක් සිදුකරන ලෙස ප්රදේශවාසීහු ඉල්ලා සිටිති.
හැටන් නගරයේ දැනටමත් පවතින කසළ කළමනාකරණ අභියෝග හමුවේ මෙවැනි වගකීම් විරහිත ක්රියා නගරයේ පිරිසිදුකමට, මහජන සෞඛ්යයට මෙන්ම පරිසරයට ද අහිතකර බලපෑම් ඇති කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති. මාර්ගයට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් මාර්ගය භාවිත කරන ජනතාවට මෙන්ම එම ස්ථානවල සැරිසරන සතුන්ට ද අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකි බව ද ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් පරිසර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර අදාළ වීඩියෝ දර්ශන සහ වෙනත් සාක්ෂි පරීක්ෂා කර විමර්ශනයක් සිදුකිරීමේ අවශ්යතාව ප්රදේශවාසීහු අවධාරණය කරති. එමෙන්ම වීඩියෝ දර්ශන, වාහන ලියාපදිංචි තොරතුරු සහ වෙනත් සාක්ෂි මත වගකිවයුත්තන් හඳුනාගත හැකි නම්, අදාළ නීතිමය ප්රතිපාදන අනුව ඉදිරි ක්රියාමාර්ග ගැනීම වැදගත් බව ද ඔවුහු පවසති.
හැටන්–දික්ඔය නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකය ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා සාක්ෂි පරීක්ෂා කර, තම බලප්රදේශයට අදාළ නීති සහ බලාත්මක අතුරු ව්යවස්ථා අනුව ගත හැකි පියවර සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්යතාව පවතී.
පොදු මාර්ග හා ස්ථානවලට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අදාළ පළාත් පාලන නීතිමය ප්රතිපාදන අනුව පරීක්ෂා කර ක්රියාමාර්ග ගැනීමට හැකි අතර, නිශ්චිත වරද හා අදාළ බලතල තහවුරු කිරීමෙන් පසුව දඩ හෝ වෙනත් නීතිමය පියවර ගත හැකිද යන්න තීරණය කළ යුතුය.
නගරයේ පිරිසිදුකම ආරක්ෂා කිරීම සහ මෙවැනි ක්රියා නැවත සිදුවීම වැළැක්වීම සඳහා බලධාරීන් නීතිය ක්රියාත්මක කිරීම මෙන්ම ජනතාව ද වගකීම් සහගතව කසළ බැහැර කිරීම අත්යවශ්ය බව ප්රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ආර්.එෆ්.එම්.සුහෙල්
Residents Demand Action Over Littering Incident in Hatton
Residents of Hatton are urging authorities to take legal action against those responsible for a recent littering incident caught on video, showing a vehicle tossing a garbage bag near a road populated by local dogs. The incident, which took place around 9 PM, has raised significant concerns among community members regarding the ongoing waste management challenges in the area.
Footage reveals a group from the motor vehicle recklessly discarding a garbage bag onto the road, with nearby dogs seen approaching the bag. A motorcyclist following behind recorded the incident and captured identifiable details of the vehicle and its occupants, prompting residents to demand an investigation.
Community members highlight that such irresponsible behavior severely impacts cleanliness, public health, and the environment. They stress that improper disposal of waste creates hazardous conditions for both pedestrians and animals in the vicinity.
Residents have approached the Environmental Police, emphasizing the need to examine the provided video evidence and other related information. They contend that if those responsible can be identified, it is crucial to implement appropriate legal measures in accordance with existing regulations.
The Hatton-Dikoya Municipal Council’s Waste Management Unit has acknowledged the complaints related to this incident and recognizes the importance of following through with any legal measures necessary according to the municipal laws governing their jurisdiction.
Authorities are exploring legal protocols concerning improper littering on public roads and areas, with the aim of determining necessary action based on the specific violations and responsible parties identified.
Residents have reiterated the need for strict enforcement of laws to maintain the town's cleanliness and prevent future incidents, stating that it is vital for local citizens to also take responsibility for waste disposal.
Reported by: R.F.M. Suheil
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
