මාලිමා සභාපතිගේ යෝජනාවට මාලිමා මන්ත‍්‍රීන් පහක් විරුද්දව ඡන්දය දෙයි.. සජබ මන්ත්‍රීන් ඡන්දය දී සම්මත කර දෙයි..

 


ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කළ මූල්‍යමය යෝජනාවකට පාලක පක්ෂයේම උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියදී, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ අනපේක්ෂිත සහයෝගය මත එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

අම්බලන්ගොඩ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නගර සභා සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික සභා රැස්වීමේදී මෙම උණුසුම් වාතාවරණය හටගෙන ඇති බව වාර්තා වේ.

අම්බලන්ගොඩ නගර සභාව සහ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන, රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත කාන්තා වැඩසටහනක් වෙනුවෙන් දැරීමට සිදුවන සම්පූර්ණ මූල්‍ය වියදම නගර සභා අරමුදලින් දැරීමට සුදුසු බවට සභාපතිවරයා විසින් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී ජනිත් වික්‍රමතිලක මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඉල්ලා සිටීමත් සමඟ සභාවේ බෙදීමක් නිර්මාණය විය.

ඡන්ද විමසීමේදී පාලක ජාතික ජන බලවේගය නියෝජනය කරන උපසභාපති එස්.එම්. සරත්චන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු නිශාන්ත වර්ණකුලසූරිය, කේ. ඩබ්ලිව්. සංඛ ධනංජය, ගයනි දේවිකා සහ ජගත් නිශාන්ත යන නාගරික මන්ත්‍රීවරුන් පස්දෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සභාව තුළ  නිහඬව සිටීමට පියවර ගත්හ.

කෙසේ වෙතත්, සභාපතිවරයාට පක්ෂව ඡන්ද 9ක්ද, විපක්ෂව ඡන්ද 5ක්ද ලැබුණු අතර සභිකයින් 7 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 4කින් සම්මත වූ බව සභාපති අසේල ප්‍රසන්න ගොඩහේවා මහතා නිවේදනය කළේය.





Unexpected Coalition Secures Approval for Financial Proposal in Ambalangoda Municipality

A significant development unfolded during a recent municipal council meeting in Ambalangoda, where a financial proposal put forth by the council chairman, Asela Prasanna Godahawela, was approved despite unexpected opposition from members of the ruling party. Notably, five members, including the deputy chairman of the ruling National People's Power (NPP), abstained from voting, allowing five members from the main opposition, the Samagi Jana Balawegaya (SJB), to lend their support and ensure the proposal's passage with a comfortable majority.

The heated session took place at the Ambalangoda Public Library’s auditorium, presided over by the chairman, and drew considerable attention from local stakeholders.

Chairman Godahawela proposed that the municipal fund cover the entirety of the financial requirements for a women's program scheduled to be broadcast live on television. This initiative, organized collaboratively with local beauticians’ associations, aims to empower women in the region.

However, a call for a vote was prompted by Urban Council member Janith Vikramathilake of the United National Party, which led to a division within the council. During the voting, several local councillors representing the ruling party -- including S.M. Sarathchandra de Silva, Nishantha Warnakulasuriya, K.W. Sankha Dhananjaya, Gayani Devika, and Jagath Nishantha -- chose to remain silent and abstained from casting their votes.

Ultimately, the chairman secured nine votes in favor and five against the proposal, with seven members opting not to vote. This outcome, as disclosed by Chairman Godahawela, resulted in the financial proposal being approved by a margin of four votes.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post