ශ‍්‍රී ලංකාවෙන් මාල දිවයිනට ඖෂධ පරිත්‍යාගයක්...


 ශ්‍රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 

මාලදිවයිනේ සෞඛ්‍ය, පවුල් හා සුබසාධන අමාත්‍ය ගීලා අලි (Hon. Geela Ali) මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ ප්‍රදානය සිදුවූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (H.E. Masood Imad) මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන සහ බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය එක්ව මෙම ඖෂධ ප්‍රදානය සඳහා දායකත්වය ලබා දී තිබේ. 

මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා, මෙම ඖෂධ ප්‍රදානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත සිය විශේෂ ස්තුතිය පළ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කළ මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා ද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) එස්. පී. එල්. රණවීර, එම අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රභාත් වරාවැවත්ත, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ආචාර්ය අජිත් සම්මුගනාදන්, බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතපත්තු සහ එහි හිටපු සභාපති නලින් කන්නංගර යන මහත්වරුන් ඇතුළු මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.





Sri Lanka Donates Essential Medicines Worth Over Rs. 5 Million to Maldives

The Sri Lankan government has officially donated a significant stock of essential medicines valued at over Rs. 5 million to the Maldives, an initiative facilitated by the Ministry of Health and Media.

This gesture came at the request of the Honorable Minister of Health, Family, and Welfare of the Maldives, Geela Ali. The medicines were formally handed over to His Excellency Masood Imad, the Maldivian High Commissioner to Sri Lanka, by Sri Lanka's Minister of Health, Dr. Nalinda Jayatissa.

The collaboration for this donation was spearheaded by the Medical Supply Division under the Ministry of Health and Media, along with the state pharmaceutical manufacturing corporation and the association of western pharmaceutical manufacturers, showcasing a collective effort in healthcare provision.

During the event, High Commissioner Masood Imad expressed his heartfelt gratitude to the Sri Lankan government for the medicine donation. He emphasized the longstanding friendship and close relationship between the two nations, also extending his appreciation to President Anura Kumara Dissanayake for his role in fostering this alliance.

The occasion was attended by several prominent officials, including Dr. Anil Jasinghe, Secretary of the Ministry of Health and Media, Dr. Asela Gunawardena, Director General of Health Services, S.P.L. Ranawira, Deputy Director General (Medical Supplies), Dr. Dedunu Dias, Director of the Medical Supply Division, and other key personnel from both the Maldivian High Commission and the Ministry of Health and Media.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ආපෝ තව ඕනි නම් කියන්න කියන්න... මේ මාල දිවයිනට විතරක් නෙවෙයි, එංගලන්තෙට ප්‍රංශෙට උනත් ඖෂධ ඕන තරං මෙහෙ දෙන්න තියෙනවා.... අපි පට්ට සල්ලිකාරයෝ, මෙහේ ඉස්පිරිතාලවල, බෙහෙත් නිකන් විසික් කරනවා වැඩිවෙලා

    ReplyDelete
  2. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

    ReplyDelete
  3. මුන්ට තනිකර පිස්සු 🤮🤮🤮 කවදාවත් දොස්තර කම තියා කොන්දොස්තර කම වත් කරලා නැති තක්කඩි, උද්දච්ච, වලත්ත, කුපාඩි ජෙප්පා 🤮🤮🤮 ජනතාවගේ රීරි මාංශ සූරාගෙන නානාවිධ බදු මුදල් කොල්ලා කාලා උන් සුර සැප විඳමින් ඒ බදු මුදල් අවභාවිතා කරනවා 😡🤮 රටේ බහුතරයක් ජනතාවට මූලික අවශ්‍යතාවයක් වන අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග බොහොමයක් නෑ 🤮😡 මාලිමා වහන්තරාවට මුවාවෙලා පාර්ලිමේන්තු ඇවිත් ජනතාව පීඩාවට පත්කරමින් අපේ රට, දැය, සමය විනාශ මුඛයට ඇද දමා ඇති වැඩ බැරි, කල්ලතෝනි, ජෙප්පන්ටත්, උන්ගේ අනීතිය ක්‍රියාත්මක කරන එවුන්ටත්, උන්ගේ බත් බැලයන්ටත් ජනතා සෝ සුසුම් මහා වස් කවි බවට පත්වී හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.

    ReplyDelete
Previous Post Next Post