කතානායකට එරෙහි විශ්වාසභංගය කල් දමයි.. නීතිපති උපදෙස් ඔ්නෑලු..

 


කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධ පක්ෂය විසින් ගොනු කරන ලද විශ්වාසභංග යෝජනාව සභාගර්භය තුළ විවාදයට ගැනීම කල් දැමීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව පළවී තිබේ.

අද (16) පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුවට එළඹ ඇත්තේ, අදාළ යෝජනාවලිය තුළ අන්තර්ගත ඇතැම් තාක්ෂණික හා නෛතික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීම අත්‍යවශ්‍ය බවට ආණ්ඩු පාර්ශ්වය විසින් මතු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, අදාළ ගැටලු සහගත කරුණු පිළිබඳව නීතිපතිවරයාගේ නෛතික උපදෙස් නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට දෙපාර්ශ්වයේම නියෝජිතයෝ එහිදී එකඟ වී ඇත.





Debate on No-Confidence Motion Against Speaker Jagath Wickramarathne Postponed

The discussion on the no-confidence motion against Speaker Jagath Wickramarathne, filed by the opposition, has been postponed following an agreement among party leaders. This decision was reached during a parliamentary party leaders' meeting held today, the 16th.

The ruling party emphasized the necessity of obtaining legal advice from the Attorney General regarding certain technical and ethical aspects of the proposed motion. Acknowledging these concerns, leaders have agreed to defer the debate until after receiving formal legal guidance on the pertinent issues.

Once the Attorney General's advice is officially obtained, representatives from both sides will reconvene to discuss the no-confidence motion.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ආණ්ඩුවත් එක්ක ඩීල් දාන විපක්ෂනායකයා ඕකට උඩින් කැමති වෙන්න ඇති

    ReplyDelete
Previous Post Next Post