බ‍්‍රසීල ජනතාව බොරු දේශපාලනය, පවුල්වාදය පරාද කලා..- ජනපති අනුර


 බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගත් එරට වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම ජයග්‍රහණය හරහා බ්‍රසීල ජනතාව මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් වඩා එහා ගොස් දූෂණය, සමාජය දෙකඩ කිරීම සහ දේශපාලන මුසාවාදයේ බලවේග මුළුමනින්ම පරාජය කර ඇති බවයි.

එම පණිවිඩය මගින් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, දේශපාලනික වශයෙන් බංකොලොත් වූ පවුල් පාලනයන්ට මෙන්ම ‘බලය යුක්තියට වඩා උතුම් යැයි’ අදහන අතීතයේ භූතයන්ට තවදුරටත් බුද්ධිමත් ජනතාව මුලා කළ නොහැකි බව සහෝදර ලූලාගේ මෙම විජයග්‍රහණය මගින් මනාව තහවුරු කර ඇති බව පෙන්වා දෙයි.

නැවත වරක් ප්‍රගතිය සහ සංවර්ධනය උදෙසා වන ජනතා පෙරමුණ සාර්ථකව ඉදිරියට මෙහෙයවීම පිළිබඳව සහෝදරත්වයෙන් යුතුව ලූලා ද සිල්වා මහතාට සුබපැතුම් එක්කරන බවද ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.






President Anura Kumara Dissanayake Congratulates Brazil's New Leftist Leader Lula da Silva

In a momentous occasion for Brazil, newly elected President Luiz Inácio Lula da Silva has received warm greetings from Sri Lankan President Anura Kumara Dissanayake following his historic victory in the recent presidential election.

Taking to his official X account, President Dissanayake emphasized that this achievement signifies more than just a political win for the Brazilian people; it represents a complete defeat of corruption, social division, and the forces of political authoritarianism.

In his message, Dissanayake pointed out that Lula's success is a powerful affirmation against the notion that "might is superior to justice," a sentiment often echoed by bankrupt political families of the past. He noted that Lula's victory demonstrates that the wisdom of the people cannot be easily undermined.

Adding to the spirit of solidarity, the Sri Lankan President extended his well-wishes for Lula da Silva's leadership, expressing hope that he will effectively guide the people's movement towards further progress and development.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ඒකට අපි. ලංකාවෙ මිනිස්සු ටොන් පචයෙක් දිනෙව්ව​, ගෑණියි මිනිහයි තාත්තයි පුතයි ලෙස්බියන් ගේ රොත්තක් පාර්ලිමේන්තුවට ගෙනාව​.

    ReplyDelete
    Replies
    1. ඌ නම් ලූලයි කියල හරි කීවැකි අපේ එකා මඩ කරියා

      Delete
  2. "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" ලු 😡🤮🤮🤮 අඩෝ නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා 😡🤮 තොගේ ඔය පඩ ෂෝ, කයිය නවත්තපල්ලා 😡 තොපේ කූඨ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගිහින් බන්ධනාගාර කොමසාරිස් ප්‍රධාන වැරදි කාරයා උනා. තොපි හත්පොලේ ගාගෙන හැමදේම අනාගෙන අපේ රට, දැය, සමය හැම අතින්ම විනාශ මුඛයට ඇදගෙන යනවා 😡🤮 තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 මාලිමා වහන්තරාවට මුවා වෙලා බොරු කියලා බලයට ඇවිත් ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡

    ReplyDelete
  3. බොරු kaiiya ගහන්නේ.. Kalakanniya.. E දවස් වල මහින්දගේ ගෙදර gihin kaala බීල aapu ඒව වත් kele ගුණයක් nathi.. Paahara pacha කොටා

    ReplyDelete
  4. මේ පාර ගේනවා රනිල්

    ReplyDelete
Previous Post Next Post