ඊළගට කියුබාව අල්ලනවා..- ට‍්‍රම්ප්


 ඉරානය පිළිබඳ අර්බුදය නිරාකරණය කරගැනීමෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය කියුබාව පිළිබඳව අවධානය යොමු කරන බවත් ඒ සඳහා වන එකඟතාව අවසන් කිරීම පිණිස අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝව කියුබාවට පිටත් කර යවන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ෆ්ලොරිඩාහි ෆෝර්ට් මයර්ස් නුවර පිහිටි ෆ්ලොරිඩා ගල්ෆ් කෝස්ට් විශ්වවිද්‍යාලයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, "ඉරානයේ සිට ආපසු එන අතරමගදී අපි කියුබාව බලාගන්නවා... ඉන්පසුව ඒ ගනුදෙනුව අවසන් කිරීමට අපි මාකෝ රූබියෝව එහාට යවනවා," යනුවෙන් සඳහන් කළ බව රොයිටර් වාර්තාවේ දැක්වේ.

අමෙරිකාව සහ කියුබාව අතර එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවට පසුගිය මාසයේදී ද අනාවැකි පළ කළ ජනාධිපති ට්‍රම්ප්, ඒ සඳහා හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මීට පෙර සඳහන් කර තිබිණි. කෙසේ වෙතත්, කියුබාවේ පවතින කොමියුනිස්ට් පාලනය වෙනස් කිරීම සිය රජයේ ප්‍රධාන අරමුණක් බව ට්‍රම්ප් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ වසර මුලදී අමෙරිකාව විසින් පනවන ලද තෙල් සම්බාධක හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, පවතින දැඩි ඉන්ධන හිඟය සහ දුර්වල යටිතල පහසුකම් හමුවේ රට පුරා ක්‍රියාත්මක වන දීර්ඝ විදුලි කප්පාදුව නිසා කියුබානු ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.

වොෂින්ටනය වසර 60කට වැඩි කාලයක් මුළුල්ලේ කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පවත්වාගෙන යනු ලබයි. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලාවේ එවකට ජනාධිපති නිකොලස් මදුරෝ ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව, හවානා පාලනය වෙත එල්ල කෙරෙන පීඩනය ට්‍රම්ප් පරිපාලනය විසින් තවදුරටත් දැඩි කර ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කියුබානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, වොෂින්ටනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සඳහා කියුබාව සැමවිටම විවෘතව පසුවන බවයි.





Trump Shifts Focus to Cuba Following Iran Issue Resolution

In a recent statement, President Donald Trump indicated that the United States will redirect its attention towards Cuba, following the resolution of the crisis over Iran. He disclosed plans to send Senator Marco Rubio to Cuba to finalize an agreement, as reported by Reuters.

Speaking at a campaign rally at Florida Gulf Coast University in Fort Myers, Trump elaborated, “On our way back from Iran, we are going to look at Cuba… After that, we will send Marco Rubio over to finalize that deal.”

Last month, Trump hinted at the possibility of achieving an agreement between the U.S. and Cuba, expressing confidence that military intervention would not be necessary to accomplish this. However, he emphasized previously that altering the existing communist regime in Cuba remains a primary objective of his administration.

Currently, Cuba is grappling with a severe economic crisis exacerbated by oil sanctions imposed by the U.S. earlier this year. The ongoing fuel shortages and the weakened infrastructure have led to prolonged power outages across the country, placing immense pressure on the Cuban populace.

For over six decades, Washington has maintained economic sanctions against Cuba. The Trump administration has intensified pressure on the Havana government, especially following a U.S. military operation aimed at then-President Nicolás Maduro of Venezuela in January.

Despite this, during a recent session of the United Nations General Assembly, Cuba’s Foreign Minister declared that the nation always remains open to discussions at the state technical level with Washington.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. හම්පඩ නාකි සුද්දෙකුට ජනාධිපතිකම දීලා ඇමරිකන් බයියෝ නිකං කෙලවා ගන්නවා.

    ReplyDelete
  2. Api malumamata.api as communist Lankavakata.
    Pinata ugannala apiwa oheta visa deela ganna....
    Oluwa ohe kanda malumamage..
    Hik api jeppo

    ReplyDelete
Previous Post Next Post