ශිරන්ති වැලිකඩ කල්දේරම් බත කන්න බෑ කියයි...


 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට නිවසින් ආහාර ලබා දීමට අවසර ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඇය වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් රඳවා සිටින වාට්ටුවක් වෙත යොමු කර ඇති අතර, එහිදී විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තැබීමට පියවර ගෙන ඇත.

පැවති අක්ෂි රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා ඇය කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඖෂධ නියම කර යළි බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසු මෙලෙස සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ.

'සිරිලිය සවිය' සංවිධානය මඟින් රෝහලකට සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ ව්‍යාපෘතියකට යැයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් පොදු දේපළ පනත සහ දූෂණ විරෝධී නීති යටතේ වැරදි සිදුකළ බවට ඇයට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 07 වැනිදා පෙරවරුවේ කිරුළපන පිහිටි ඇයගේ නිවසේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබිණි.

එදිනම පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණි.





Former President Shiranthi Rajapaksa Granted Permission for Food Delivery While in Custody

The Department of Prisons has confirmed that Shiranthi Rajapaksa, the former First Lady currently under detention, has been allowed to receive food from her home.

Rajapaksa is housed in a section of the Welikada Prison designated for female inmates, where she is being held under heightened security measures.

Following a medical consultation due to a pre-existing ocular condition, she was recently admitted to the Colombo National Eye Hospital. After receiving appropriate treatment, she was returned to prison but subsequently transferred to the general ward.

She faces allegations of misappropriating Rs. 10 million from the National Savings Bank, ostensibly intended for a project to acquire a CT scanner for a hospital, under the auspices of the 'Siriliya Saviya' organization. These charges are linked to violations of public property laws and anti-corruption statutes.

Investigators from the Commission to Investigate Allegations of Bribery or Corruption recorded a statement from Rajapaksa at her residence in Kirulapone on the morning of October 7, leading to her subsequent arrest.

Later that same day, she was presented to the Colombo Chief Magistrate’s Court, where the court remanded her in custody until October 13. In related proceedings, the former chairman of the National Savings Bank, Pradeep Kariyawasam, was granted bail by the court.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post