දඩයම් කිරීම තහනම් කර ඇති වනසතුන්ගේ මස් ළඟ තබාගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින අනුරාධපුර ජය ශ්රී මහා බෝධි මළුවේ ප්රධාන කපුවාට එරෙහිව වහාම අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත්වරිය වනජීවී නිලධාරීන්ට නියෝග කළාය.
අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් දසුනි හපුආරච්චි මහත්මිය විසින් රිටිගල වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
මෙහිදී මහෙස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, ඉදිරි නඩු වාරයේදී මෙම නඩුව මෙහෙයවීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
සැකකාර ප්රධාන කපුවා සන්තකයේ තිබී සිය භාරයට ගත් විවිධ වනසතුන්ගේ මස් සාම්පල සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු බලයලත් අංශ මඟින් ලබාගත් විශේෂඥ වාර්තාවක්ද වනජීවී නිලධාරීන් විසින් මෙදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්රාත්වරිය, අදාළ නඩුව යළි කැඳවීම ලබන වසරේ පෙබරවාරි මස 12 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළාය.
Legal Action Initiated Against Main Suspect in Wildlife Crime Case
Judicial authorities in Anuradhapura have instructed wildlife officers to promptly file charges against the chief butcher linked to the possession of meat from protected species, following his release on bail. This action comes as a response to new evidence against the individual, who has been apprehended on suspicion of possessing illegally obtained animal products.
The directive was issued by Additional Magistrate Dasuni Hapuarachchi during a hearing at the Anuradhapura Magistrate's Court, where she ordered that the case be managed under the guidance of a state attorney, following advice from the Attorney General.
During the proceedings, wildlife officials presented a specialist report conducted by government food inspectors regarding various samples of meat found in the suspect's possession. This report raises significant concerns regarding wildlife conservation laws.
After reviewing the evidence, the Additional Magistrate has scheduled the next court hearing for February 12 of the following year, allowing time for the legal processes to unfold and ensuring that all relevant information is thoroughly considered.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බෝධියේ කොහෙද බොල කපුවෝ, දෙමල කෝවිලේ නම් ඉන්නවා
ReplyDeleteඅනුරාධපුර ජය ශ්රී මහා බෝධි මළුවේ ප්රධාන කපුවා....
Deleteහේමරටනත් හොඳ දඩයක්කාරයෙක් තමා.
ReplyDelete