‘කාවන්තිස්ස’ හස්තියා මිය යයි..


 මෙරට වනාන්තරවල ජීවත් වූ උසම සහ දැවැන්තම වන අලියා ලෙස ප්‍රකටව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී අද (16) පස්වරුවේ මියගියේය.

දින ගණනාවක් තිස්සේ රෝගාතුරව සිටි මෙම හස්තියා සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක කුඹුරු යායක බිම ඇදවැටී අසරණව සිටියදී ප්‍රදේශවාසීන්ට හමුවී තිබිණි. 

අනතුරුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරමින් හදිසි ප්‍රතිකාර ලබා දුන්නද, එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් හස්තියා අවසන් සුසුම් හෙළීය.

ප්‍රධාන වශයෙන් ගල්ගමුව, සියඹලන්ගමුව සහ මීගලෑව අවට වනාන්තරවල සැරිසැරූ මෙම තේජවන්ත හස්තියාගේ ඉදිරි දකුණු පාදයට පසුගිය කාලයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල සිදුව තිබිණි. 

ඒ හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳි ඇතාට පසුගිය 24 වැනිදා සිට වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් විසින් අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනිණි.

ප්‍රතිකාර හමුවේ පාදයේ තුවාලය යම් මට්ටමකට සුව අතට හැරෙමින් පැවතිය ද, පසුගිය දින කිහිපය පුරාම හස්තියා නිසි පරිදි ආහාර හෝ ජලය නොගැනීම හේතුවෙන් ශරීරය බෙහෙවින් දුර්වල වී තිබූ බව පශු වෛද්‍යවරු සඳහන් කළහ. 

ඊට අමතරව උග්‍ර පාචන තත්ත්වයක් සහ වෙනත් රෝගී සංකූලතා කිහිපයක් ද මතුවීම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අසාධ්‍ය අඩියකට ඇද දැමීමට හේතු වී ඇත.

ගල්ගමුව ප්‍රදේශයේ ජෛව විවිධත්වයේ සංකේතයක් බඳු වූ ‘කාවන්තිස්ස’ ඇතා, මෙරට වනගතව ජීවත් වූ අතිශය දුර්ලභ ගණයේ දැවැන්ත දළ ඇතෙකි. මිනිස් ක්‍රියාකාරකම් සහ වනඅලි-මිනිස් ගැටුම හමුවේ වෙඩි ප්‍රහාරයන්ට හා විවිධ උවදුරුවලට අවස්ථා කිහිපයකදීම ලක්වූ මෙම හස්තියාගේ ජීවිතය රැකගැනීම සඳහා පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීහු ද නිරන්තරයෙන් හඬ නැඟූහ. 





Renowned Sri Lankan Elephant 'Kavantissa' Passes Away After Illness

The majestic 'Kavantissa', often hailed as the largest elephant residing in Sri Lanka's forests, succumbed to severe health issues this afternoon (16) after a prolonged battle with illness.

For several days, the elephant had been reported ill and was found lying helplessly in a muddy patch within the Sinhalan Gamuwawa wildlife area, where it encountered local residents. Witnessing the alarmed discovery, the community expressed deep concern for the giant's wellbeing.

A team of veterinary officers from the Department of Wildlife Conservation rushed to the site in a valiant effort to save the elephant's life, administering emergency treatment tirelessly. Unfortunately, despite their concerted efforts, the giant eventually breathed its last.

Kavantissa, known for roaming the forests surrounding Galgamuwa, Siyanbalaangamuwa, and Meegalaawa, had suffered severe injuries from a gunshot wound to its left hind leg in a previous incident. This injury had caused the elephant significant pain.

In response to its condition, wildlife veterinary teams commenced continuous medical care for the injured elephant on the 24th of last month.

Although there were signs of improvement in the leg injury, the elephant's overall health severely deteriorated in the past few days, primarily due to a lack of food and water, according to veterinarians.

Additionally, the emergence of critical digestive issues and various other health complications exacerbated the elephant's dire condition.

Kavantissa stood as a symbol of biodiversity in the Galgamuwa area, representing a critically endangered species of elephants that inhabit Sri Lanka's forests. Environmentalists and local residents alike consistently raised their voices to protect this gentle giant from human conflicts, including gunfire and other adversities that have threatened its survival.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. සසර වසනාතාක් කල් මෙවන් කුරිරු මරණයකට නැවත පත් නොවේවා!

    ඉතා ඉක්මන් භවයකදීම සසර දුකින් මිදී නිර්වාණ සම්පත්තියම ලැබේවා!!

    ReplyDelete
  2. මේ සද්දන්තයාගෙ අකල් වියෝව අහල ඇහැට කඳුලක් ආවෙ නැති එකෙක් ඉන්නවනම් ඒ මනුෂ්‍යයයෙක්නම් වෙන්ඩම බෑ.

    ReplyDelete
    Replies
    1. පැලවත්තේ ඩෝබි සෙට් එක පාර්ලිමේන්තු එවු අයගෙන් තමයි විශේෂයෙන්ම ඕක ගැන විමසන්න ඕනෑ.හොඳටම දැන නොදැන සේ සිටියා වගකිවයුතු අය.සොයා නොබලා රාජපක්ෂ වෛරයක් මුල් කරගෙනම පමණක් නිරාගමික මිනීමරු ත්‍රස්තවාදී කල්ලියකට රට බාර දුන් පාපය දැන් ගෙවන්න සුදානම් වන්න.

      Delete
Previous Post Next Post