ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතාගේ රුව සහ හඬ කෘත්රිම බුද්ධිය ඔස්සේ අසත්ය ලෙස ප්රතිනිර්මාණය කර, විවිධ ආයෝජන ව්යාපෘති ප්රවර්ධනය කරන ආකාරය පෙන්වන ව්යාජ වීඩියෝ පට සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට ඔහුගේ කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
අන්තර්ජාලය සහ විවිධ සමාජ මාධ්ය ජාල ඔස්සේ සංසරණය වන මෙම විකෘති කරන ලද වීඩියෝ මඟින්, ධම්මික පෙරේරා මහතා ඇතැම් ආයෝජන යෝජනා ක්රම වෙනුවෙන් පෙනී සිටින බවට සාවද්ය මතයක් සමාජගත කිරීමට උත්සාහ දරා තිබේ.
කෙසේ වෙතත්, අදාළ වීඩියෝ පට, ඒවා ප්රචාරය කෙරෙන කිසිදු මාධ්ය වේදිකාවක් හෝ එහි අඩංගු ප්රකාශ සමඟ සිය කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ඒ මහතාගේ කාර්යාලය ප්රකාශ කර සිටියි.
මෙය මුළුමනින්ම මහජනතාව මුළා කර මූල්යමය වශයෙන් නොමඟ යැවීමේ අරමුණින් ඉතා සූක්ෂ්මව හා ද්වේෂසහගතව සිදුකරන වංචනික උත්සාහයක් බව අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙයි.
එබැවින් මෙවැනි අන්තර්ගතයන් කිසිවක් නිරීක්ෂණය වුවහොත්, ඒ පිළිබඳව අදාළ සමාජ මාධ්ය ආයතන වෙත වාර්තා කරන ලෙසත්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය සහ නීතිය ක්රියාත්මක කරන බලධාරීන් වෙත වහාම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Warning Issued Over Fake Videos Misusing Dhamika Perera's Identity
Dhamika Perera, a prominent businessman, has drawn attention to the spread of manipulated videos that use artificial intelligence to create misleading impressions of him. His office issued a formal statement urging the public to exercise caution regarding these deceptive audiovisuals that promote various investment schemes.
These distorted videos, circulating across the internet and multiple social media platforms, attempt to fabricate a narrative implying that Perera endorses specific investment proposals. The statement from his office clarified that he has no association with any such media platforms promoting these videos.
This situation is portrayed as a calculated scheme aimed at financially duping the public, reflecting significant malevolence, as highlighted in the official communication. Perera’s office emphasized the serious implications of these fraudulent efforts.
The public has been urged to remain vigilant and report any suspicious content to the relevant social media platforms. Additionally, anyone encountering such deceptive material is encouraged to promptly file complaints with the Computer Emergency Response Team of Sri Lanka and the enforcing authorities.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

