දේශීය වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමගාමීව, පරාටා සහ බිත්තර රොටි ඇතුළු පිටි ආශ්රිත කෙටි ආහාරවල මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් ඉහළ නැංවීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
තිරිඟු පිටි මිල ගණන්වල සිදුවූ ඉහළ යාම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමේ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එම සංගමය, පවතින වියදම් කළමනාකරණය කරගැනීම උදෙසා දිවයින පුරා පිහිටි සියලු ආපනශාලාවල මෙම නව මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සඳහන් කරයි.
ගෝලීය වෙළෙඳපොළේ තිරිඟු මිල උච්චාවචනය වීම සහ මෙරට ආනයන හා මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන්, දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 13කින් ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයනකරුවන් පියවර ගෙන තිබිණි.
එම මිල වැඩිවීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ආපනශාලා කෙටි ආහාරවල මිල ඉහළ දැමීමට සිදුව ඇත.
Restaurant Prices Set to Rise as Flour Prices Increase
The All Island Hotel and Restaurant Owners' Association has announced an increase in prices for short eats, including patties and egg roti, by Rs. 5.00 starting from midnight today, October 21. This change comes in tandem with a rise in flour prices in the local market.
The association highlighted that the spike in flour costs has significantly impacted the overall production expenses of restaurants, prompting the decision to adjust prices across dining establishments nationwide in a bid to manage current expenses.
Recent fluctuations in global flour prices, combined with rising import and operational costs in Sri Lanka, have led to an increase of Rs. 13 per kilogram of flour for local sales. This price hike was implemented by flour importers effective from the evening of October 20.
As a direct consequence of the increased flour prices, restaurants are now compelled to raise the costs of their short eats.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මිල රුපියලකින් වැඩි වුණත් කෑම මිල ඉහල දාන එක නං රුපියල් පහ අවමය අනිවාර්යයි
ReplyDelete